සන්නිවේදන ක්‍රියාදාමයක මූලධර්ම
 


මානව සන්නිවේදනය දුරකථන පණිවිඩයකින් පටන් ගෙන අති සංකීර්ණ ප්‍රවෘත්ති පත්‍රයක්‌, රූපවාහිනී හා අන්තර්ජාල ප්‍රකාශනයන් දක්‌වා විශාල පරාසයක්‌ තුළ ඉටු වන සරල ක්‍රියාමාලාවකි.



 එහෙත් මේ පාරාසය තුළ එකක්‌ අනිකෙන් වෙනස්‌ වෙයි. එසේ වුවත් සන්නිවේදනයේ මූලධර්ම එක හා සමානය. එම මූලධර්ම කවරේදැයි විමසිල්ලට ලක්‌ කළ හොත් ජන සන්නිවේදන සහ අනික්‌ සන්නිවේදන ආකෘතිවල විවිධත්වය දැකිය හැකිය.


පොදුවේ ගත් කල සන්නිවේදන ක්‍රියාදාමයක පහත දැක්‌වෙන කරුණු ඇතුළත් වෙයි.


1. සන්දේශ මූලයක්‌   A Source

2. සංකේතන ක්‍රියාදාමයක්‌  A Process of Encoding
3. සන්දේශයක්‌   A Message
4. නාලිකාවක්‌    A Channel
5. විකේතන ක්‍රියාදාමයක්‌  A Process of Decoding
6. ග්‍රාහකයෙක්‌ / ග්‍රාහකයක්‌  A Receiver
7. ප්‍රතිපෝෂණය සඳහා විභවතා The Potential for Feedback
8. ඝෝශණ බාධක අවස්‌ථා  The Chance of Noice

(c) Shilpa Sayura Foundation 2006-2017