
ඔහු එක් වර සන්දේශ කිහිපයක් විකේතනය කර ගනියි. මානවයින් මෙන්ම යන්ත්‍රත් විකේතකයෝය. ගුවන් විදුලිය විකේතකයකි. වීඩියෝ ඩෙක් යන්ත්‍රයක් ද එසේය. දුරකථනය ද එක් කෙළවරකින් සංකේතනය කරන අතර අනික් කෙළවරින් විකේතනය කරවයි. චිත්‍රපටි ප්රක්ෂේපණ යන්ත්‍රයද එවැනි විකේත කාරකයෙකි, හෙවත් විකේතකයකි. සමහර විට සංකේතකයා වැරදි නාලිකාවකින් සන්දේශය ප්‍රේෂණය කළ හොත් එ මසන්දේශය විකේතනය කර ගන්නට නොහැකිය. අකුරු කියවිය නොහැකි කෙනෙකුට ලැබෙන ලියමන ඔහුට විකේතනය කර ගන්නට බැරිය. ශ්රව්යාබාධිතයෙකුට දුරකථන පණිවිඩයක් විකේතනය කර ගැනීම නිවැරදිව කළ නොහැකිය.
