සන්දේශ මූලය තමන්ගේ සිතිවිලි හෝ අදහස් ඉදුරන්ට අවබෝධ වන අන්දමට පරිවර්තනය කිරීමට කරන ක්‍රියාවලිය සංකේතනය නම්, ඔබට කියන්නට කිසිවක් ඇති විට ඔබේ මොළයත් දිවත් බොහෝ විට එකට ක්‍රියාත්මක වෙයි. එමගින් වචන සහ භාෂණ වාක්‍ය සකස් කෙරෙයි. ඔබ මිතුරකුට ලිපියක් ලියන විට ඔබේ මොළයත් ඔබේ අතැඟිලිත් එක් වී කඩදාසිය මත තීන්ත හෝ වෙනත් ද්‍රව්‍යයක් උපකාරයට ගෙන රටා නිර්මාණය කරයි.
ඔබ දෘෂ්‍යාබාධිත පුද්ගලයකුට යමක් කියන කල්හි කඩදාසියක කටුවකින් අනින ලද සිදුරු මාලාවක් ස්පර්ශ කිරීමට ඉඩ සැලසීමෙන් එය ඔහුට දැන ගන්නට සලස්වයි. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් තම මනසෙහි ඇති ප්‍රතිරූපය යළි නිර්මාණය කිරීම සඳහා කැමරාවක් භාවිතයෙන් ආලෝක රශ්මි ඡායාරූප සංවේදී රසායනික මගින් ග්‍රහණයට ලක් කර ගනියි. සන්නිවේදන පසුතලයක එක් වරක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් වාරවලදී සංකේතනය කෙරෙයි.


