දැන් ඔබ පහත දැක්වෙන රෑප සටහන දෙස බලන්න.
ඉහත දැක්වෙන බයිසිකල් හැඩලය මඟින් බයිසිකලය නිවැරදි පථයේ යාම සදහා එනම් බයිසිකලය හැරවීම සදහා යොදා ගනී.
මෙහි දණ්ඩ මධ්‍යස්ථයට බයිසිකල්කල් රෝදය සම්බන්ධ කර ඇති අතර මධ්‍යය ලක්ෂ්‍යයේ සිට සමාන දුරකින් හැඩලයේ මිටවල් සම්බන්ධ කර ඇත.
දැන් ඔබ බයිසිකල් හැඩලය වම් පසට හා දකුණු පසට හරවන්නේ කෙලෙසදැයි සිතන්න.
බයිසිකල් හැඩලය හැරවීමට එක් අතකින් ඉදිරියට හා අනෙක් අතෙන් පිටු පසට ඇදිය යුතු බව ඔබට වැටහේ.
එනම් මෙහිදී මීට යොදන බලදෙක එකිනෙකට විරුද්ධ වේ.තවද යොදන බලය එකිනෙකට සමාන්තරද වේ.ලක්ෂය වටා භ්රමණයක්ද සිදුවේ.
යම් බල දෙකක් එකිනෙකට විරුද්ධ ,සමාන්තර හා මධ්‍යය ලක්ෂය වටා භ්‍රමණයක් සිදුවේ නම් මධ්‍යය ලක්ෂ්‍යයේ ක්‍රියා කරන බලය බල යුග්මයක් ලෙස හැදින්වේ.