ඩෝල්ටන්ගේ පරමාණුක වාදය
 

විද්‍යාත්මකව පරමාණුව පිළිබඳව වැදගත් වාදයක් ඉදිරිපත් කරන ලද්දේ ජෝන් ඩෝල්ටන් විසිනි. මීට ඩෝල්ටන්ගේ පරමාණුක වාදය යැයි කියනු ලැබේ. ඩෝල්ටන්ගේ පරමාණුක වාදයෙන් ගෙන හැර දැක් වූ කරුණු සංක්ෂිප්තව පහත දක්වා ඇත.

* පදාර්ථය සෑදී ඇත්තේ කිසිදු ක්‍රමයකට නැවත බෙදා වෙන් කළ නොහැකි කුඩා අංශ වලිනි. මෙම අංශු පරමාණු ලෙස හැඳින්වේ.


* කිසියම් මූල ද්‍රව්‍යයකට අයත් පරමාණු හැඩයෙන්, ගුණයෙන්, ප්‍රමාණයෙන් වැනි විවිධ කරුණු වලින් වෙනස්ය.


* එනමුත් විවිධ මූලද්‍රව්‍ය සැකසී ඇති පරමාණු එකිනෙකට හැඩයෙන්, ගුණයෙන්, ප්‍රමාණයෙන් වැනි විවිධ කරුණුවලින් වෙනස්ය.


* එක් මූලද්‍රව්‍යයකට අයත් පරමාණු වෙනත් මූලද්‍රව්‍යයකට අයත් පරමාණු සමග රසායනික බන්ධනය වී වඩා විශාල අංශු සෑදේ.


* මිශ්‍රණයක අඩංගු වන්නේ වර්ග දෙකක හෝ වැඩි ගණනක පරමාණු හෝ අණු ය. මෙහිදී ඒවා රසායනිකව සංයෝග නොවී මිශ්‍රවී පවතී.


* විවිධ පරමාණු එකිනෙකට සම්බන්ධ වී අණු සෑදෙන විට ඒවා සිදුවන්නේ කිසියම් නිශ්චිත සරල අනුපාතයකට ය.


* රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගි විය හැකි කුඩා ම කොටස වන්නේ ද පරමාණුවයි.


ඩෝල්ටන් විසින් සැකසූ පරමාණුකවාදය නූතන රසායන විද්‍යාවේ අඩිතාලමක් බවට පත්විය.

(c) Shilpa Sayura Foundation 2006-2017