ප්‍රෝටරෝසොයික යුගය - Proterozoic
 

වසර බිලියන 2.5 - වසර මිලියන 600 කට පෙර


ස්ථායි මහද්වීප ඇතිවීමට පටන් ගැනීම, ජීවින්ගේ ප්‍රථම පොසිල ඇතිවීමට පටන් ගැනීම සහ ඔක්සිජන් සහිත වායුගෝලය නිර්මාණය වීම සිදුවිය. බහු ශෛලික (eukaryotic cells) ජීවීන් ඇති වීම වසර බිලියන 1.8කට පෙර සිදුවිය.




ඔක්සිජන් ඇතිවීම Oxygen Build Up
මුලින්ම බිහිවූ ලෝකයේ ඔක්සිජන් ඉතා අඩු වූ අතර වැඩියෙනම තිබුනේ විෂ වායූන්ය. මුහුදු පතුලේ නොදියවෙන ඔක්‌සයිඩ විශාල ප්‍රමාණයක් තැන්පත් වී තිබුණි. පෘතුවියේ පිට ස්ථරය සිසිල් වීම සමග මහද්වීප නිර්මාණය වීම ඇරඹුණ අතර ඔක්සිජන් නිර්මාණයද ඇරඹුනි. ප්‍රභාසංස්‌ලේශිත බැක්ටිරියාවන්ද,පාර ජම්ඹුල කිරණ විසින් ජලය විඝටනයෙන් එය ඔක්සිජන් හා හයිඩ්‍රජන බවට පත්කරන අතර අද පවතින ඕසෝන ස්ථරය (O3) නිර්මාණය වීමට එය හේතු වන්නට ඇත.


පරිණාමය වන ජීවන (life forms) සඳහා ඔක්සිජන් විශාල ප්‍රමාණ වලින් අවශ්‍ය වීය. රසායනික විපර්යාස වලින් ඔක්සිකරණය විය හැකි සියළු යකඩ සහිත පෘෂ්ඨ අවසාන වන තුරුම ඔක්සිජන් නිර්මාණ ක්‍රියාවලිය සිදුවිය. ඔක්සිකරණය වූ විශාල යකඩ නිධි ඉතුරු කරමින් මෙම ක්‍රියාවලිය සිදුවිනි.


 

ඔක්සිජන් ප්‍රතිශතය 15% දක්වා වැඩිවීම එකල්හි ජීවීන්ට මහා පරිසර දූෂණයක් ලෙස දැනුනි. මේ නිසා සමහර බැක්ටීරියා වර්ග වඳ වූවද ඒක ශෛලිකයෝ පරිණාමය වීමෙන්  බහු ශෛලික ජීවනයන් (eukaryotic forms), ඇල්ගී ආදිය ඇතිවිණි. බහූ ශෛලික ජීවීන් ඔක්සිජන් මත යැපුණහ. 1% ක්වූ ආචියන් යුගයේ ප්‍රථම ජීවින් ඇතිවූයේ මේ කාලයේදීය. මේ අතර සයිනෝබැක්ටිරියාද ප්‍රභාසංස්ලේශණ ක්‍රියාවලියකින් ඔක්සිජන් නිපදවීය. දිගින් දිගටම ඒවා වැඩිවීම වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහල දැමීමට හේතු විය.

වසර බිලියන 3.5 දි පමණ පෙර ප්‍රථම ජීවය බිහිවිය.  එය නොගැඹුරු මුහුදේ ලොව සෑම තැනකම සිදුවීය. ප්‍රථම ජීවින් ක්‍ෂුද්‍ර වූ අතර ඇල්ගී වර්ග ප්‍රධාන විය. 




මේ කාලයේදී ස්ට්‍රෝමයිටයන් ලොව පුරා බහුල වීය, ඔවුන් පසුව ප්‍රථම කොරල් පර වූහ.


 සත්ව හා ශාක ලෝකයම සෑදී ඇත්තේ ඉයුක්‍රයෝට බහූ ශෛලික ජීවීබ් පරිණාමය වීමෙනි.


(c) Shilpa Sayura Foundation 2006-2017