හේඩ්න් යුගයදී පෘතුවියේ ඉපදීම හා එය ග්‍රහ වස්තුවක් බවට පරිණාමය වීමත්, එහි ගෝලීය හැඩය ඇතිවීමත් විය. පෘතුවිය බිහිවීම හා සෞරග්‍රහ මණ්‌ඩලය බිහිවීම එකම කාලයක සිදුවූ බවට අදහස් කරයි.
විශ්වයේ විශාල දූවිලි හා වායු වලාකුළු ඒවා වල ආරෝපන, ශක්තිය හා තාපය ද ගුරුත්වාකර්ශණ බලයෙන්ද එකට කැටිවීම සිදුවී අවසානයේ දරාගත නොහැකි න්‍යෂ්ඨික පිපිරීමකින් පසුව සරණ අංශු ගුරුත්වාකර්ශණ නිසා විශාල ඒකාබද්ධ කැදලි (lumps) නැතහොත් ආරම්භක ග්‍රහ වලාකුළු බවට පත්වී ක්‍රමයෙන් සමූහනය වී ග්‍රහ වස්තු බවට පත්වේ.
එම ග්‍රහ වලාකුළු කැදලි අතර ගට්ටනය ඉතා විශාල තාපයක් උපදවන බැවින ආරමභයේ සිටම පෘතුවිය හා අනිකුත් ග්‍රහයෝ උකප ද්‍රවමය ස්වභායක තිබිණි. පෘතුවිය ක්‍රමයෙන් සිසිල් වෙද්දී ඝණ විය. මෙම සිසිලනය සඳහා ඉතා විශාල කාලයක් ගත වන්නට ඇත. පෘතුවිය ඝණ වස්තුවක් බවට පත්වීමත් සමගම එහි භූ ගර්බ ඉතිහාසය ඇරඹිණි.
පෘතුවිය ආරමභයේදී එහි ජලය නොවීය. එය උදුණක් මෙන් ගිනිගෙන දැවෙන මතුපිටකින්ද ඝණ මධ්‍යකින්ද යුක්ත විය. එහි නියම වායුගෝලයක්ද නොවූ අතර ලෝහමය හා සල්ෆර් වායු වලින් වෙලී තිබිණි.
අති විශාල කාලයක් යන විට මෙම තාප දීප්ත ලක්‍ෂණ වෙනුවට වායු වලාකුල පහතට විත් උණු මුහුදක් වන් මතුපිට සමහ මිශ්‍ර වීම හා පාවෙන කැදලි බවට පත්විණි.
හඳ කුඩා බැවින් මේ වන විටත් සිසිල් වී තිබිණි.
The Late Heavy Bombardment
වසර මිලියන 4000-3800 කාලය තුල පෘතුවිය ඇතුලු ග්‍රහ මණ්ඩලයට අභ්‍යවකාශයේ සිට සිට වැටුනු උල්කාපාත ආදියෙන් සෑහෙන බලපෑමක් සිදුවිය. ඉන් මීතේන්, ඇමෝනියා ආදී විශ වායු අඩු වන්නට වූ අතර වායු ගෝලයක් සැකසීමට උපකාරී වී යයි සැලකේ.
ආරම්භයේදී පෘතුවි වායුගෝලයේ වැඩියෙන් වූයේ නයිට්‍රජන් (N2), මීතේන් (Ch4) හා ඇමෝනියා (NH3) වැනි වායුය.
පෘතුවියේ අධික උශ්ණත්වය නිසා ජලය වාෂ්ප වී දූවිලි අංශු හා එක්වී සෑදුනු වලාකුළු වලාකුලු නිර්මාණය වීම නිසා හටගත් වර්ශාව දිගු කළක් පැවතුණි. උස්බිම් වලට වැටී පහළට ජලය ගලා යාම නිසා දිය පාරවල්ද, ඒවා එකතුවීමෙන් ජීවයක් නොමැති මුහුදවල්ද නිර්මාණය විණි. ඉතාම රළු පරිසරයක් නිර්මාණය වුවද ක්‍රමයෙන් ජීවය බිහිවීමට අවශ්‍ය සාධක එහි ඇතිවිය.
පරිසරය ඉතා දරූණු වූ හේඩනයේදී සුළි සුළං, ටොර්නාඩෝ විසින් ඇතිකළ වැසි පොළවට වැටීමටත් පෙර වාෂ්ප විය, එහෙත් වායුගෝලයේ තිබූ දූවිලි ජලය සමග වැටී ක්‍රමයෙන් සිසිල් වන පෘතුවයේ කානු හා අගල් දිගේ ගලාගොස් ප්‍රථම මුහුදු මත ඛණිජ ලෙස තැන්පත් විණි.
වසර මිලියනයකට පසු පෘතුවිය සිසිලනය වද්දී ඉරද සෞම්‍ය වූ අතර වර්ෂාව නිසා පහත් ස්ථාන වල ප්‍රථම මුහුදු ඇතින්නට විය. මුහුදේ ජීවයක් නොවීය. එහි රළු ගල් කුලු වීය. රළු අහසද නිසල වන්නට විය.
තමා වටාද, සූර්යා වටාද කැරකෙන පෘතුවියේ කදු ඇතිවීමට පටන් ගති. ඛණිජ හා දූවිලි තැන්පත් වීමෙන් (Sediment)වැලි හා ගල් සෑදීමත්, උණු ද්‍රව ඝණවීමත් තාප ක්‍රියාවලියත් නිසා ඝණ බවට පත්වෙමින් එකිනෙකා අතර පීඩනය ඇතිවීම එක් ස්ථානයක් උස් වීම සිදුවේ. පෘතුවිය මුල් අවදුයේදී ගිණිකඳු ක්‍රියාකාරීත්වය අධික විය. ගුරුත්වාකර්ශණ බලය නිසා පෘතිවය සිසිල් වද්දී හැකිලීමකටද ලක්විය.
පෘතුවයේ මතුපිට තද වන අතර ඊට කි.මී. 40කට යටින් උණුසුම් හා ද්‍රව ගතිය වැඩි සිලිකානු පාෂාණ ස්ථරයක් මැන්ටයලයක් ලෙසින් පවතී, එය ක.මී 2900 කි. ඊට යටින් කි.මී 5000 ක් ගැඹුරැති උණු ලෝදිය ස්ථරයක්ද, හා ඝණ යකඩ අරටුවක්ද තිබේ. මෙය නිර්ණය කර තිබෙන්නේ පෘතුවිය තුල සිදු වන භූ කම්පා වලින් නිකුත් වන තරංහ අධ්‍යනයෙනි.
මේ අනුව පෘතුවිය ගෝලාභයක් උවද එහි මතුපිට ස්ථර වෙන් වශයෙන් එකිනෙකා අතර පීඩන ඇතිවිය.
එම තලයන් තවමත් සිසිනය වන පෘතුවියේ මධ්‍යට සාපේක්‍ෂව ලිස්සායන්නටද විය.
එම තලයන් තවමත් සිසිනය වන පෘතුවියේ මධ්‍යට සාපේක්‍ෂව ලිස්සායන්නටද විය.
මෙම ක්‍රියාවලිය තළට්‍රෝණිකරනය නමින් හැඳින්වේ.