ඉතිහාසය ඉගනීම යනු අපගේ අතීතය හැදෑරීමය. එහිදී මානව සමාජය විවිධ කාලවලදී මුහුණ දුන් සිද්ධීන් හා ඒවා නිසා සමාජයේ සිදුවූ වෙනස්විම් හා මානව සමාජ විකාශනය අධ්‍යනය කෙරේ. මෙහිදී මිනිසුන් ලිවූ දේ, පුරාවිද්‍යා සාක්‍ෂි හා කට වචනයද මූලාශ්‍ර ලෙස භාවිතා කෙරේ.
මෙහිදී මිනිසා විසින් ලේඛනගත නොකල කාලය ප්‍රාග් ඉතිහාසය (Pre History) ලෙස භඳුන්වයි.
ඉතිහාසය ඉගනීම වැදගත් වන්නේ
-අපගේ අතීතය ගැන ගැනීමට
-අපගේ පරිසරය හා එහි අතීත සම්බන්ධතා හඳුනාගැනීමට
-අපගේ අනාගතය දෑකීමට (මවා ගැනීමට)
-මානව සංහතියක් ලෙස පැවෑත්ම සඳහා එම දැනුම භාවිතයට
ඉතිහාසය අධ්‍යනය කරන අයුරු
-අතීතයෙන් සොයාගත් හිස්කබල්, ඇටකටු, ගල් හා යකඩ ආයුධ, වලං ආදිය අධ්‍යනය
දේශීය ලියවිලි, විදේශීය ලියවිලි, සෙල් ලිපි, කාසි, ගෘහ නිර්මාණ, වාරි මාර්ග, කැටයම්, චිත්‍ර අධ්‍යනය
පුරාවිද්‍යාව (Archeology)
අප අතීතය ගැන දන්නා දැනුම මින් අදහස් වේ. පොළව කැනීම්, මුහුද යට ගවේශණ, පැරන්නන් විසින් ඉතිරි කළ දේ, වැලිතලාවන්ට යටවූ පැරණි නගර මෙහිදි අධ්‍යනය කරයි.
අතීතය වැලළී යන ක්‍රම බොහෝය. ගිණිකඳු පිපිරීම, මුහුද ගොඩ ගැලීම්, නාය යෑම් සුළි සුලං හා උල්කාපාත වැටීමෙන්ද අතීත සාධක වැලළේ. එවන් විපතකදී මිනිසුන්, ගෙවල් හා සතුන්ද පස් යට වැලළී යයි. මේවා සොයාගත් විට අපට කාළ නිර්ණය මගින් බොහෝ තොරතුරු සොයා ගත හැක.
පුරාවස්තුවක කාළ නිර්ණය
පුරාවස්තුවක් එය සොයාගත් ස්ථානය, ඒ සමග සොයාගත් අනිකුත් පුරාවස්තු හා සංසන්දනය කෙරේ. ඒවා අයිති දිනයක් සොයා ගැනීමට ඒවා මත ඇති විකිරණශීලි සංඝටක වල කාළ නිර්ණය කරයි. කාබන් 14 පරික්‍ෂණය එවන් විද්‍යාත්මක එක් ක්‍රමයකි.