දුනු තරාදියක් සෑදීමේදී ප්‍රථමයෙන් අප විසින් ඊට අවශ්‍යය උපකරණ ලැයිතුව සොයා ගත යුතුයි.
එම උපකරණ වන්නේ
1. රබර් පටියක්.
2. ටින් පියනක්.
3. ආධාරකයක්.
4. කාඩ්බෝඩ් කැබැල්ලක්.
5. සුදු කඩදාසියක්.
මෙලෙස එකතුකරගත් උපකරණ සියල්ල පහත රෑපයේ පරිදි සකස් කරන ලදී.
දෙවනුව සුදු කඩදාසිය අංකනය කළ යුතුයි.එය සිදු කරන්නේ ටින් පියනට ප්‍රථමයෙන් දන්දා ස්කන්ධයක් දමා (5 ග්‍රෑම්)රබර් පටිය ඇදෙන දිග අනුව දර්ශකය පෙන්වන ස්ථානය සලකූණු කළ යුතුයි.
ඒ ආකාරයටම ටින් පියන මත පියවරෙන් පියවර වැඩිකර සුදු කඩදාසිය මත අංකනය කළ යුතුයි.
මෙලෙස සාදා ගත් දුනු තරාදිය ඔබට විවිධ ද්‍රව්‍යන්ගේ බර මැනීමට භාවිතාකළ හැක.
පහත දැක්වෙන්නේ රබර් පටිය වෙනුවට සර්පිල දුන්නක් (Spring) භාවිතා කිරීමෙන් සාදා ගත් දුනු තරාදියකි.