දැන් අපි බල තුනක සමතුලිතාවය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගනිමු.
සෙන්ටිමීටර් 10 -15 ක පමණ කුඩා දණ්ඩක් ගෙන එහි දෙ කෙළෙවර රූපයේ පරිදි නි වුටන් තුලා දෙකක ගැට ගසා ගන්න.
එම තුලා දෙක අතරින් තවත් තුලාවක් දණ්ඩට ගැට ගසා ගන්න. තව කෙනෙකුගේ සහය ඇතිව මෙම තුලා තුන විවිධ දිසා වලට ඇද බලන්න.
ඒවා සමතුලිතව තබා ගත හැකිදැයි බලන්න.
ඒවා සමතුලිතව තබා ගත හැකිකේ කුමන අවස්ථා වලදීද?
ඒවා සමතුලිතව තබා ගත හැකිකේ කුමන අවස්ථා වලදීද?
මෙයින් පැහැඳිලි වන්නේ සමතුලිතතාව තබා ගත හැක්කේ තුලා බැඳ ඇති තන්තු තුනම එකම තලයක පිහිටන විටදි බව පැහැඳිලි වේ.
සමතුලිත වන බල තුනක් එකම තලයක පිහිටයි.
• සමතුලිතව පවතින සමාන්තර බල තුනක විශාලත්වය.
* නිවුටන් තුලා දෙක සැහැල්ලු දණ්ඩක ගැට ගසන්න.
* තුලා දෙක ආධාරකයක ගැට ගසන්න.(රූපයේ පරිදි)
* දණ්ඩ මැදින් බරක් එල්ලන්න.
* තුලා හා බර එල්ලු නූල් සිරස් ලෙස පිහිටන සේ සකසා ගන්න.
දණ්ඩ මත ක්‍රියා කරන බල තුන සිරස්ව ඇති බැවින් එකක් අනෙකට සමාන්තර සේ පිහිටයි.
පසුව යෙදු බර හා තුලා දෙකෙහි දැක්වෙන පාඨාංක වගුවක සටහන් කර ගන්න.
යොදන ලද බර වෙනස් කරමින් මිණුම් කිහිපයක් ලබා ගන්න.
පසුව යෙදු බර හා තුලා දෙකෙහි දැක්වෙන පාඨාංක වගුවක සටහන් කර ගන්න.
යොදන ලද බර වෙනස් කරමින් මිණුම් කිහිපයක් ලබා ගන්න.
• ලබාගත් මිණුම් අනුව පැහැඳිළි වන්නේ ඒකතල සමාන්තර බල තුනක් සමතුලිත වන විට එක් දිශාවකට ක්‍රියා කරන බලය ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බල දෙකේ එකතුවට සමාන බවයි.