බල දෙකක සමතුලිත තාවය
 
දැන් අපි බල දෙකක් සමතුලි කිරීම පිළිබඳව යම් අවබෝධයක් ලබා ගනිමු.මේ සදහා පහත දැක්වෙන රූප සටහන හොදින් තේරුම් ගන්න.
සැහැල්ලු මුද්දක් ගන්න.
එහි දෙපසට නූල් පොට දෙකක් ගැට ගසා එම නූල් පොට වල අනෙක් කෙළවර රූපයේ දැක්වෙන ලෙස නිවුටන් තුලා දෙකකට ගැට ගසන්න.
 
පසුව එක් දුනු තරාදියක් ඇණයකට ගැට ගසා අනෙක් දුනු තරාදිය මඳක් දුරට ඇද වෙනත් තරාදියකට ගැට ගසන්න.
මෙහි දී නූල් ගැට ගසන ස්ථාන සම මට්ටමේ තිබීය යුතුය.
 

 
දැන් ඔබ පහත සදහන් පියවරයන් සටහන් කර ගන්න.
 
# නිවුටන් තුලා දෙකේ පාඨාංක ලබා ගන්න.
# එක් තුලාවක් තව දුරටත් මඳක් ඉවතට ඇද තවත් පාඨාංක යුගලයක් ලබා ගන්න.
# මෙලෙස කිහිප වරක් ඇද පාඨාංක යුගල කිහිපයක් ලබා ගන්න.
# මුද්ද දෙපස ඇති නූල් පොට දෙක යටින් කඩදාසියක් තබා සටහන් කර ගන්න.
 
මෙහි එක් එක් අවස්ථාවන් වලදී,

1. පාඨාංක සමාන බවත්
2. නූල් පොට දෙක එකම සරල රේඛාවක පිහිටනන බවත්
3. අදින බලවල දිශා ප්‍රතිවිරුද්ධ බවත් පැහැදිලි වේ.
 
(c) Shilpa Sayura Foundation 2006-2017