* රබර් පටියකින් ගැට ගැසු පොතක් අල්ල මත තබා ගන්න .
(ඉහත රූපයේ දැක්වෙන පරිදි)
* අනෙක් අතින් රබර් පටිය ඉහලට අදින්න.
* අනෙක් අතින් රබර් පටිය ඉහලට අදින්න.
* පොත තබා ඇති අල්ල මතට දැනෙනුයේ කුමක්ද?
එවිට අල්ල මත ඇති බර කෙමෙන් කෙමෙන් අඩු වනු ඔබට දැනැනු ඇත.
පොත අල්ල මත රැදී තිබෙන්නේ රබර් පටිය මගින් ඉහලට යෙදෙන ඇදිල්ලත් පොතට අල්ල මගින් දෙනු ලබන උඩුකුරු තල්ලුවත් (බලය) නිසාය.
රබර් පටිය නොමැත් නම් මුළු බරම අල්ල මගින් උසුලා සිටිය යුතුය.
නනමුත් මෙහිදී සිදුවන්නේ තවත් වෙනත් භාහිර බලයක් මඟින් වස්තුව සමතුලිත තාවයේ රදවා තබා ගැනීමයි.
මෙවැනි අවස්ථා එදිනෙදා ජීවිතයේ දී බොහෝ ලෙස භාවිතා වේ.මේවා සියල්ලම බල යටතේ වස්තුවක් නිෂ්චලව තිබෙන අවස්ථාය.