ඒක තල හා ඒක ලක්‍ෂය බල
 
ඒක තල හා ඒක ලක්ෂ්‍යය බල පිළිබඳව විමසීමේදී මෙය ක්‍රියාකාරකම් මඟින් සිදු කිරීම වඩාත් සුදුසු වේ.
මේ සදහා ප්‍රථමයෙන් පහත දැක්වෙන උපකරණ ලැයිස්තුව සකස් කර ගන්න.
*  සැහැල්ලු මුද්දකට නූල් කැබලි තුනක් ගැට ගසා ගන්න.

*  නූල් කැබලි තුන මේසයක් මත තබා යහළුවෙකුගේ සහය ඇතිව තුන් අතකට අදින්න.

*  දෙවනුව එක නූලක් ඉහලට ඔසවා අදින්න.

 
නූල් කැබලි වලට සමාන බල යෙදීමෙන් මුද්ද සමතුලිතව තබා ගත හැකි බව ඔබට වැටහෙනු ඇත.
මෙහිදී නූල් එකම තලයක පිහිටන බව පෙනේ.
නූල්වල පිහිටීම් නිරීක්ෂණය කිරීම සඳහා ඒවායේ යටින් පැතලි කාඩ්බෝඩ් පෙට්ටි පියනක් මත තැබූ සුදු කඩදාසියක් ආධාර කරගන්න.
  
*  මුද්ද යටින්  එම කාඩ්බෝඩ් පියන සහිත සුදු කඩදාසිය තබා කඩදාසිය මත නූල් වල පිහිටීම් ඇද ගන්න.
 
*  කඩදාසිය මත ඇද ගත් රේඛා දික් කර බලන්න.
 
මෙහිදී නූල් කැබල් තුන මඟින් යොදන බල තුන එකම ලක්ෂ්‍යයක් හරහා යන බව පෙනේ.
 
මෙම ක්‍රියාකාරකමේ දී නූල් තුන මඟින් යෙදෙන බල තුන එකම තලයේ පහිටයි.
තවද මෙම බල තුන එකම ලක්ෂ්‍යයක් හරහා යයි.
එබැවින් මෙම බල පද්ධතිය ඒක ලක්ෂ්‍යය හා ඒක තල බල පද්ධතියක් ලෙස හදුන්වයි.
 
 
(c) Shilpa Sayura Foundation 2006-2017