දැන් ඔබ බලය සම්බන්දයෙන් යම් අවබෝධයක් ලබා ඇත.
දැන් අප බලය පිළිබඳව තවත් විශේෂිත වූ ලක්ෂණයක් පිළිබඳව කරැණු හදාරමු.
සෑම බලයකටම විශාලත්වයක් ඇති බව ඔබ දනී.
තවද බලය ක්‍රියා කරන්නේ එක ලක්ෂයක් මත බවද ඔබ දනී.
යම් කිසි විශාලත්යක් ඇති බලයක් යම් වස්තුවක ලක්ෂ්‍යයක් මත ක්‍රියා කරන විට එය ක්‍රියා කරන දිශාව අනුව එම වස්තුව විවිධ චලන රටාවන් දක්වයි.
මේ අනුව බලයකට විශේෂිත වූ කරුණු දෙකක් ඇති බව පෙනේ.
විශාලත්වයක් තිබීම, ක්‍රියා කරණ දිශාවක් තිබීම එම කරුණු දෙකයි.
මේ ආකාරයට මෙම ලක්ෂණ දෙකම ඇති තවත් රාශීන් ඇති අතර මේවා පොදුවේ දෛශික රාශි ලෙස හදුන්වයි.