සරල බල ඝූර්ණය
 
දැන් අපි විල්බැරෝවක යම් කිසි බරක් පටවාගෙන සිටින අවස්ථාවක් සිතමු.
මෙහිදී විල්බැරෝවේ පටවා ඇති බර මඟින් සිදුවන ක්‍රියාව කුමක්ද?
මෙම අවස්ථාවේදී බර සිරස්ව පහළට ක්‍රියා කරණ අතර ඊට විරැද්ධ අතට අත මඟින් බලයක් යොදා ඇත.
විල්බැරෝවේ මිටෙන් අත්දෙක අතහැරීය විට පටවා ඇති බර මඟින් විල්බැරෝවේ රෝදයේ අක්ෂය වටා භ්‍රමණය වේ.
මෙම සිදුවන භ්‍රමණය අත්දෙක මඟින් විල්බැරෝමිට වෙත යොදනු ලබන බලය මඟින් නවතා තිබේ.
 
එනම් විල්බැරෝවේ ඇති බර සිරස්ව පහළටහා  අත්දෙක මඟින් සිරස්ව ඉහළට බලයන් විල්බැරෝ රෝදයේ අක්ෂ දණ්ඩ මත යෙදේ. මෙවිට විල්බැරෝවේ රෝදයේ අක්ෂ දණ්ඩ මත බල ඝූර්ණයක් ඇතිවේ. එය කැරකවීමේ බලයක් වැනිය

එනම් චලනය විය හැකි ලක්ෂ්‍යකට සුමට ලෙස සන්දි කළ දණ්ඩකට යම් දුරකින් ඇති ලක්ෂ්‍යය දෙකක එකිනෙකට ප්‍රථිවිරැද්ධ දිශාවලට බල ක්‍රියා කරණ විට ලක්ෂ්‍යය මත ක්‍රියා කරන්නේ බල ඝූර්ණයකි

(c) Shilpa Sayura Foundation 2006-2017