අප එදිනෙදා භාවිතා කරන සෑම වස්තුවකටම යම්කිසි බරක් ඇතිබව ඔබ දනී.
තමුත් බර යනු කුමක්ද?.
එනම් දැන් අපි බර යනු කුමක්දැයි ඉගන ගනිමු.
ක්රි.ව. 1643-1727 අතර කාලයේ ස'ර්' අයිසැක් නිව්ටන් නැමති විද්යාඥ්ඥයා දිනක් ඇපල් ගසක් යට හිඳහෙන සිටින විට දී ඔහුගේ හිස මතට ඇපල් ගෙඩියක් වැටුණි.
මෙසේ වැටීමට හේතුව සෙයා බැලූ ඔහුට, ඕනෑ ම වස්තුවක් පොළොව දෙසට ඇදගැනීමේ බලයක් ඇති බව සොයාගත හැකිවිය.
එම බලය ගුරැත්වාකර්ෂණ බලය නම්වේ.
මෙම ගුරුත්වාකර්ෂණ බලය පෘථිවියේ පවතින වස්තුවක් කෙරේ බලපාන්නේ කෙසේදැයි විමසා බලමු.
1. ගසක ගෙඩියක් නැටිටෙන් ගිලිහීම.
2. බිත්තියක එල්ලා ඇති දෙයක් ඇණයෙන් ගිලිහීම.
3. මිදුලේ සිට වූ කණුව ඇල වීම.
මෙම අවස්ථාවකදීම චලනයක් සිදු වන්නේ වස්තුව මත ගුරුත්වාකර්ෂණය ක්රියා කරන නිසාය.
මෙලෙස ක්රියා කරන බලය බර ලෙස හැදින්වේ.
• වස්තුවක බර පොළොව දෙසට සිරස් ලෙස ක්රියා කරයි.