නූතන ප්‍රසංගික නර්තන අංගයන්හි සුවිශේෂ ලක්‌ෂණ
 


නූතන ප්‍රසංගික නර්තන අංගයන්හි සුවිශේෂ ලක්‌ෂණ කිහිපයක්‌ හඳුනාගත හැකිය.
 * විනෝදාශ්වාදය ප්‍රධාන අරමුණ කොට සැලකීම.
 * සම්ප්‍රදායික නර්තන ශෛලීන්ට මුළුමනින්ම ගැති නොවීම, නැතහොත් සම්ප්‍රදායික නර්තන ශෛලීන් ගෙන් තරමක්‌ දුරට හෝ මිදී ස්‌වාධීන රංග ශෛලීන් අනුගමනය කිරීම.
 * සාම්ප්‍රදායික පද වාදන වෙනුවට නිර්මාණාත්මක පද හා වාදන කොටස්‌ යොදා ගැනීම සම සම්ප්‍රදායික වාදන භාණ්‌ඩ පමණක්‌ යොදා නොගෙන විවිධ වාදන භාණ්‌ඩ යොදා ගැනීම.
 * චලන සුන්දරත්වය ඇති කිරීමට විවිධ නර්තන ශෛලීන් මිශ්‍රකොට ගැනීම සහ ආභාෂය ලැබීම.
 * පසුබිමින් ගැයෙන ගීත හා විවිධ වාදන ඛණ්‌ඩ අනුව නර්තනයේ යෙදීම.
 * සම්ප්‍රදායික රංග වස්‌ත්‍රාභණරණ වෙනුවට නිර්මාණාත්මක රංග වස්‌ත්‍රාභරණ යොදා ගැනීම.
 * විදුලි ආලෝක සහ විවිධ වේදිකා ශිල්පක්‍රම යොදා ගනිමින් නර්තන අපූර්වත්වයක්‌ ඇති කිරීම.
 * අභින, ඉඟි හා ප්‍රකාශන නර්තනයට එක්‌කර ගනිමින් ප්‍රසාංගික ලක්‌ෂණ තීව්‍ර කිරීම. 


 
(c) Shilpa Sayura Foundation 2006-2017