පංචේන්ද්‍රියන් මගින් අඛණ්‌ඩව ග්‍රහණය කරගනු ලැබීමට පොළඹවන සුළු වූ පංචාංගයන්ගේ හැසිරීම මගින්, නරඹන්නන්ගේ සිත්හී ආලම්බනයක්, සුන්දරත්වයක් සහ වින්දනයක් ඇති කිරීමට සමත් වන්නා වූ නර්තන අංගයක් ප්‍රසංගික නර්තන අංගයක් ලෙස හැඳින්විය හැකිය.
මේ අනුව ප්‍රසාංගික නර්තනයක මූලික ලක්‌ෂණ කිහිපයක් වෙන්කොට හඳුනාගත හැකිය.
* අඛණ්‌ඩ ග්‍රහණය
* ආලම්බනය
* සුන්දරත්වය
* වින්දනය
අඛණ්‌ඩ ග්‍රහණය
මෙයින් අදහස් කරනු ලබන්නේ අවධානය නොබිඳෙන ආකාරයෙන්, මුල සිට අග දක්‌වාම එක එල්ලයේ නරඹන්නාගේ බැඳිම නැතහොත් ග්‍රහණය පවත්වා ගැනීමට කිසියම් නර්තනයකට ඇති හැකියාවයි. මෙකී කාර්යයට මුල් වන්නේ අප සතු ඇස, කන, වැනි පංචේන්ද්‍රියන් සහ නර්තනය අතර ඇතිවන අන්තර් සම්බන්ධතාවයයි.
නර්තනයේඳී යෙදෙන "පංචාංගය" එනම් අතින් සිදුකරනු ලබන චලන ( හස්‌ත), හස්‌තිය අනුව කරනු ලබන ඇසේ චලනය (දෘෂ්ටි), ගායනය (මුඛ) පාද චලන (පාදං), සහ කතාලය නොබිඳී පවත්වා ගැනීම (තාලං) යනාදී ක්‍රියාවලීන් අපේ ඇස, කන ප්‍රධාන කොටගත් සංචේන්ද්‍රියන් ආකර්ශනය කරයි. ඒ කෙරෙහි ඇල්මක් ඇති කරයි. ආරම්භයේ සිට අවසානය දක්‌වාම වෙනත් කිසිදු අවධානයකින් තොරව ඒ දෙස බලා සිටින්නට අපේ සිත පොළඹවනු ලබයි.
එබැවින් අපි දැඩි ආශාවකින් ඒ දෙස බලා සිටිමු. මෙසේ අපේ සිත්තුළ අඛණ්‌ඩ ග්‍රහණයක් හෙවත් නොබිඳෙන බැඳිමක් ඇති කිරීමට කිසියම් නර්තනයකකට හැකියාවක් ඇත්නම් එම නර්තන අංගය ප්‍රසංගික නර්තන අංගයකි.
ආලම්බනය
ආලම්බනය යනු සිතේ ඇතිවන කැමැත්තයි. නැතහොත් ඇල්මයි. අප දකින නර්තනයේ විවිධ අංග හේතුකොට ගෙන ඒ කෙරෙහි කැමැත්තක්, ආශාවක් නැතහොත් ඇල්මක් ඇති කරයි.
සුන්දරත්වය
අප දකින නර්තන අංගය කෙරෙහි ඇති වූ ආලම්බනය නැතහොත් බැඳීම හේතුකොට ගෙන අපේ සිතේ සුන්දරත්වයක් නැතහොත් චමත්කාර ජනක හැඟිමක් ඇති වේ. ඒ චමත්කාරය එහි චලන, රංග රටා, ගායන, වාදන වැනි කවර හෝ හේතුවක් මුල්කොට ගෙන ඇතිවිය හැකිය. නර්තනයේ සුන්දරත්වය දකින අපේ සිතේ ද සුන්දරත්වයක් ඇති වෙයි. එය නර්තනය හේතුකොට ගෙන ඇතිවන ප්‍රතිචාරයකි.
වින්දනය
සමස්‌ත නර්නතය හේතුකොට ගෙන, අපේ සියුම් සතකුටක් නැතහොත් වින්දනයක් ඇතිවෙයි. එම සතුටින් නරඹන්නා නැතහොත් ප්‍රේක්‌ෂකයා ආශ්වාදයක් බලයි. එසේ ආශ්වාදයක් නැතහොත් සතුටක් (වින්දනයක්) ලැබිය හැකි වන්නේ එකී නර්තන අංගයෙහි ඇති ප්‍රසංගික ලක්‌ෂණ හේතුකොට ගෙනය.
මේ අනුව බලන කල සෑම නර්තන අංගයක්‌ම එකම ආකාරයකින් අපේ සිත් ආකර්ශණය කර නොගනී. එකිනෙක නර්තනයන්ගේ ප්‍රසාංගික බව අඩු වැඩි වශයෙන් පවතී. ඒ අනුව කවර නර්තන අංගයක් ප්‍රසාංගික නොවන්නේ ද, කවර අංගයක් ප්‍රසාංගික වන්නේ ද යන්න තීරණය කිරීම සංකීර්ණ වූත්, දුෂ්කර වූත් කාර්යයකි.
ප්‍රසාංගික නර්තන කලාව කෙරෙහි අප රටෙහි වැඩි අවධානයක් යොමුවීමට පටන් ගත්තේ නර්තනය හුදු විනෝදාශ්වාද මාර්ගයක් වශයෙන් සංවිධානය වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව පැරණි නර්තන අංග වුවද වේදිකා නර්තන අංග වශයෙන් සංවිධානය වීම නිසා ප්‍රසාංගික ලක්‌ෂණ බහුල වශයෙන් ඒවාට අන්තර්ගත වන්නට විය.
අද්‍යතනයේ විනෝදාශ්වාදය අරමුණු කොටගෙන නිර්මාණය කරනු ලබන වේදිකා රංගන සහ ගීත අනුව කරනු ලබන නර්තන නිර්මාණ ප්‍රසාංගික නර්තන අංග ලෙස සුවිශේෂ කර දැක්‌විය හැකිය. එසේ කළ හැකි වන්නේ එකී නර්තනයන් විනෝදාශ්වාදයම අරමුණු කොට ගැනීමත්, ප්‍රේක්‌ෂකයන් ඇඳ බැඳ තබා ගැනීමටත් සුන්දරත්වය ඇති කිරීමටත්, විවිධ උපායමාර්ග හා ප්‍රයෝග යොදා ගනු ලබන බැවිනි.