ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට අසුවීමෙන් පසු
 

සර් ජෝන් ඩොයිලිගේ වාර්තා අනුව සම්පාදිත මේ ලිපිය මහනුවර රජු අල්ලා ගැනීමෙන් පසු සිදුවූ දේවල් හෙළිදරව් කරයි.

එකල කන්ද උඩරට රාජධානිය ඉංගිරිසි පාලනයට යටත් කර ගැනීමේ සියලු කටයුතු සංවිධානය කරන ලද්දේ සර් ජෝන් ඩොයිලි විසිනි. එහෙයින් ඇහැළේපොළ මහ අදිකාරමගේ මාර්ග දේශකත්වයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත් වහාම, ඒ වැදගත් සිද්ධිය පිළිබඳ පුවත 1815 පෙබරවාරි 19 වැනිදා තෙල්දෙණියේ රජුගේ ධාන්‍ය ගබඩාවේ සිට සර් ජෝන් ඩොයිලි එකල ලංකාණ්‌ඩුකාර ධුරය දරමින් සිටි සර් රොබට්‌ බ්‍රවුන්රිග් තුමා වෙත දන්වා යෑවූයේ මෙපරිද්දෙනි.

"ගරු ඔබතුමා ඉතා ඕනෑකමින් මෙතෙක්‌ කල් බලාපොරොත්තුව සිටි සිද්ධිය සාර්ථක වී තිබේ. මහනුවර රජතුමා දැන් අප අතේ සිරකරුවකු වන බව ඔබට දන්වා එවන්නේ අමන්ද ප්‍රීතියෙනි. මහඅදිකාරම විසින් යවන ලද ආයුධ සන්නද්ධ කන්ද උඩරට රටවැසියන්ගේ සහයත්වය ඇතිව, දුම්බර වැසියන් විසින් මැදනුවර ප්‍රදේශයේදී ඊයේ රජතුමා වට කරනු ලැබීය. මැද මහනුවර සිට සැතැප්මක්‌ පමණ අතින් වන ගල්ලෙඉහේ වත්තේ උඩුපිටියේ ආරච්චිගේ ගෙදරදී රජතුමා බිසෝවරුන් දෙදෙනකු සමග අඳුරු වැටෙන්නට පැයක්‌ පමණ කලින් අල්ලා ගනු ලැබීය.

"ගේ වටලා ගත් විට එහි රැකවලේ සිටි සේවකයෝ ස්‌වල්ප දෙනෙක්‌ විරුද්ධත්වය දක්‌වා මිනිසුන් දෙතුන් දෙනකුට තුවාල කළහ. එහෙත් විරුද්ධවාදීන් විසින් වෙඩි කිහිපයක්‌ තැබීමෙන් පසු ඔවුහු පැන දිවූහ.

"මම දෝලාවත් සහිතව ඉදිරියට ගොස්‌, රඹුක්‌කැලේදී රජු හමුව, බිසෝවරුන් සහිතව ඔහු මේ ස්‌ථානයට කැඳවා ගෙන ආවෙමි. එහි කෑම් බීම් හා විවේක සුවය දෙමින් සිට පසුව ප්‍රමාණවත් ආරක්‍ෂක සෙබළ මුළක්‌ සහිතව ඔවුන් මහනුවරට යවනු ඇත.

"රජුගේ මව සහ තවත් බිසෝවරුන් දෙදෙනකු හංවැල්ලේ සිටින නිසා ආරක්‍ෂා සහිතව ඔවුන් කැඳවා ගෙන ඒම සඳහාද කොල්ලකා ගන්නා ලද වටිනා වස්‌ත්‍ර වලින් සොයාගත හැකි යමක්‌ ලබාගැනීමටද වහා සේනාංකයක්‌ යවමි.

"සිදුවූ මේ දේවල්ම ගැන දන්වා, බියක්‌ නොමැතිව මෙහි එන මෙන් ආරාධනා කොට රජුගේ නෑයන්ට හා නායක්‌කර්වරුන්ට යෑවීම සඳහා තල්පත් ලිවීමි."

කොළඹට ගෙන යැම

ආණ්‌ඩුකාර තුමා අපමණ ප්‍රීතියට පැමිණ සියලුදෙනාට ස්‌තුති කරමින් වහා රජු කොළඹට එවන මෙන් පිළිතුරක්‌ එවූයේය. රජු කැඳවාගෙන ඒමට සුදුසු මාර්ගයද එහි සඳහන් විය. එකල පැවැති තත්ත්වයට අනුව රජතුමා හා ආණ්‌ඩුකාරයා අතර ඉක්‌මණින් සාකච්ඡාවක්‌ නොපැවැත්වීම වඩා හොඳ යෑයි සිතූ සර් ජෝන් ඩොයිලි රජතුමා කලක්‌ මහනුවර නවත්වා ගැනීමෙන් තම කටයුතු සංවිධානයට පහසුකම් සැලසෙන බව කල්පනා කළේය. එහෙත් තම රාජධානියේ අගනුවරදී තමා තුවාල ලත් සිරකරුවකු සේ තම ජනතාවට ප්‍රදර්ශන කරවීමෙන් පරාජිත වූ ක්‍රෑර රජකුගේ සිතෙහි කොතරම් වේදනා සහගත හැඟීම් ඇතිවේදැයි ඔහු සිතුවේය. එහෙයින් ආණ්‌ඩුකාර තුමාගේ අණ පරිදි රජු කොළඹට යෑවීමට තීරණය කර ගත් හෙතෙම ඒ ගැන ලැහැස්‌තිවන්නට විය. ඔහුට නොයෙක්‌ දුෂ්කරතාවන් මැඩීම සඳහා පිළියම් යොදන්නට තිබිණි.

තෙල්දෙණියෙන් පිටත් වූවාට පසු ඊළඟට නැවතුම්පොළ වශයෙන් ගත හැකි වූයේ හක්‌කෙටුවා ගලට ආසන්නයේ පිහිටි දඹරාවේ ධාන්‍ය ගබඩාවයි. එය ඒ සඳහා සුදුසු මධ්‍යස්‌ථානයක්‌ වුවද එතැන සිට ඈතට ගමන් කිරීමේදී අතරමග මහා කූඩාරම් හෝ තානායම් හෝ පිළියෙල කළ යුතු විය. රජු බිසෝවරුන් කැටුව යන හෙයින් විශේෂ සැප පහසුකම් පිළියෙල කිරීම අවශ්‍ය වේ. මේ අතර විශාල ප්‍රශ්නයක්‌ වූයේ රජුට සහ බිසෝවරුන්ට ඇඳ පැළඳ ගැනීමට සුදුසු ඇඳුම් නොමැතිවීමයි. ඔවුන් සතු සියලු ඇඳුම් පැළඳුම් ඉතා සාහසික අන්දමින් කොල්ලකා ගනු ලැබීම හේතුකොටගෙන, රාජත්වය කෙසේ වෙතත් සාමාන්‍ය පුමිතිරින් මෙන් ඇඳ පැළඳ සිටීමටවත් සුදුසු වූ ඇඳුම් සොයාගැනීම සඳහා ජෝන් ඩොයිලිට ලොකු උත්සාහයක්‌ කිරීමට සිදුවිය. එසේ සුදුසු ඇඳුම් ලැබෙනතුරු තෙල්දෙණියේ හෝ දඹරාවේ හෝ ඔවුන් නවතාගෙන සිටීම නුවණට හුරුවේ යෑයි හෙතෙම සිතුවේය. කන්ද උඩරට වැසියන් විසින් රජු හා දේවීන් සතු වටිනා වස්‌තූන් කොල්ලකා ගත් බව ජෝන් ඩොයිලිට ආරංචි විය. ඔවුන් විසින් රජුට කරන ලද වදදීම් ගැනද භාවිත කරන ලද අපහාස වචන ගැනද රජතුමා ඩොයිලිට පැමිණිලි කර සිටියේය. එහෙත් රජතුමා තම අනාගතය සම්බන්ධයෙන් කළකිරුණු බවක්‌ හෝ තද වේදනාවකින් දුක්‌වන බවේ ලකුණක්‌ හෝ නොපෙන්විය.

මේ අතර වෙන්ගඩ සාමි නම් වූ රජුගේ ඥති සහෝදරයෙක්‌ද පෙරුමල් නායක්‌කර් සහ තවත් මැලබාරයෝ දෙදෙනෙක්‌ද කුන්ඩසාලේ ගුරුදෙණිය සහ මැද මහනුවර සිට තෙල්දෙණියට ගෙන එනු ලැබූහ. ඇහැලේපොළ මහ අදිකාරම ඩොයිලි හමුවීමට පැමිණ ඒ ප්‍රදේශය සැපදායක නොවන හෙයින් මහනුවරට යැම සඳහා කැමැත්ත පළ කළේය. රජුට අයත් වූ අශ්වයන් සතර දෙනකුද තවත් වටිනා දේද කලින් සේනාංකයක්‌ භාරව සිටි මේජර් වොරිං විසින් එවා තිබුණෙන් ඉන් එක්‌ කළු අශ්වයකු ලබාගැනීමට මහඅධිකාරම් කැමැත්තක්‌ පළ කළ නිසා, ඒ අශ්වයා ඔහුට දෙන මෙන් සෙන්පති මයිලියන්ට අණ කළේය. මේ අතර හංවැල්ලේ සිට රජුගේ බිසෝවරු සැපත් වූහ. රජ පිරිස කොළඹ ගමන ඇරඹූ විට ඒ ඒ තන්හි නැවතීමට සුදුසු ගොඩනැඟිලි පිළියෙල කරවන මෙන් නියම කර යෑවීම සඳහා මහඅධිකාරම්ට දැන්වූ ඩොයිලි හැම ප්‍රශ්නයක්‌ ගැනම සිතුවේය. මීට පසු රජුq විසින් රාජකකුධ භාණ්‌ඩයන් පරිහණය කිරීම ශෝභන නොවේ යෑයිද එසේ කළහොත් එයින් උඩරට වැසියන් කෝප වෙතැයිද සිතූ හෙතෙම, එහි ගෙනෙන ලද රජුගේ රාජකීය දෝළාව මහනුවර ආරක්‍ෂා කර තැබීමට යවා රජුගේ පරිහරණය සඳහා වෙන සුදුසු දෝළාවක්‌ නුවරින් ගෙන්වා ගැනීමට උත්සාහ කළේය. එය සඵල නොවුවහොත් තම දෝළාව රජුගේ ගමනට දී තමා වෙන කුඩා දෝළාවකින් ගමන් කිරීමට ඉටාගත්තේය. හංවැල්ලේ සිට පැමිණි රජුගේ නෑයන්ට දෝළා තිබුණත් රජු සමග සිටි බිසෝවරුන් දෙදෙනාට දෝළා නොමැති නිසා ඔවුන් සඳහා ලක්‌ෂණ පරිදි සුදුවියන් බැඳි දෝළා පුටු දෙකක්‌ හා දෝළාකාරයන් මහනුවරින් ලබාගැනීමට හේ උත්සාහ කළේය. මේ සියල්ල මෙ පරිදි පිළියෙල කරන අතර රජුට සම්බන්ධ වූ සියලු ඥතී පිරිස ද මැලබාර්වරුන් ද රැස්‌ කිරීම් සඳහා ඩොයිලි විධි විධාන සැලැස්‌වූයේය. මැලබාරයන් රැකවරණයෙන් සැඟවී සිටින ස්‌ථානයන්ගේ නාම ලේඛනයක්‌ හෙතෙම රජුගෙන් ලබාගෙන ඉන් පිටපතක්‌ ආණ්‌ඩුකාරතුමා වෙත ද යෑවූයේය. එA එA ප්‍රදේශවලට යවන ලද සේනාංකයන් මගින් මේ සෙවිල්ල කරන ලදී. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් කපිතන් ඇන්ට්‌හිල්, මේජර් කැලි සහ මේජර් මැකේර් යන සෙන්පතියන් විසින් වලපනේ, බදුල්ල, හේවාහැට, බඹරගම, මාතලේ, ගොඩපාල දිසාවනියේ රඹුක්‌කොළ, මාතලේ දිසාවනියේ අන්දාවල, මාතලේ ඉතන්වල යන ප්‍රදේශවලින් බාල, මහලු, තරුණ ස්‌ත්‍රී පුරුෂ ලොකු පිරිසක්‌ එකතු කළ හැකි විය. තවද රජුගේ මව ද ඔහුගේ අන්තිම බිසෝවරු දෙදෙනා ද වෙනත් ස්‌ත්‍රීන් ඇතුළුව රජුගේ ඥති ස්‌ත්‍රීහු සතර දෙනෙක්‌ ද ගම්පොළ දෙවියො සහ දෙගල් දෙවියො නමැති රජුගේ මාමණ්‌ඩිලා දෙදෙනා ද බෑණවරු තුන් දෙනෙක්‌ ද වෙනත් නායක්‌කාරවරු පස්‌ හය දෙනෙක්‌ද පහත් නිලවල තවත් අට දෙනෙක්‌ හෝ දහ දෙනෙක්‌ යන අය සැපත් වූහ. හංවැල්ලෙන් ගෙනෙනු ලැබුවේ දෝළා දෙකකි. ස්‌ත්‍රීන්ගෙන් බොහෝ දෙනකු පැමිණ සිටියේ පයින් ගමන් කිරීමෙනි.

විශාල පිරිසක්‌

මේ පරිද්දෙන් රජුට අයත් පිරිස විශාල විය. එහි රජ කුමරියෝ නව දෙනෙක්‌ වූහ. ඔවුන් කොළඹට යෑවිය යුතුව තිබුණේ දෝළා වලිනි. ඔවුන් ගෙනාවේ දෝළා දෙකක්‌ හෙයින් ඉතුරු අය සඳහා දෝළා සැපයිය යුතුව තිබිණි. රජුගේ දෝළාව හැර තවත් දෝළා සතරක්‌ මහනුවරින් ලැබුණෙන්, ඩොයිලිගේ දෝළාව හා සේනාංකයන්ගෙන් ලැබෙන කුඩා දෝළාවලින් ද මුල්මැදියාව දක්‌වා රජ පිරිස ගෙන යැම සඳහා පහසුකම් සැලසිය හැකිව තිබිණි. රජ පවුලේ අය සහ ඔවුන්ගෙන් යෑපෙන්නන්ගේ සංඛ්‍යාව ඉතා විශාල හෙයින් ඔවුන් හැමදෙනාම එක තැනෙක නවත්වා ගැනීම අපහසු කරුණක්‌ විය. එහෙයින් කොටස්‌ වශයෙන් ඔවුන් පිටත් කර යෑවීමට ඩොයිලි තීරණය කර ගත්තේය. එහෙයින් මුල්මැදියාවේ ගොඩනැඟිලි සූදානම් දැයි අසා හෙතෙම මහ අදිකාරම්ට ලියුමක්‌ යෑව්වේය. මේ අතර අදිකාරම්ගේ සේවයෙහි යෙදී සිටින ආයුධ රැගත් මිනිස්‌සු මැලබාරයන්ගේ බඩු කොල්ලකා ගැනීමෙන් පසු ඔවුන් මැද මහනුවරට කැඳවාගෙන ආහ. බඩු කොල්ලකෑම පිළිබඳ ඩොයිලිට ආරංචි ලැබෙන්නට වූයෙන් එසේ කොල්ලකා ගත් බඩු ආපසු ගෙනැවිත් භාර දෙන්නට යෑයි හෙතම තුඩ පතක්‌ පළ කළේය. එමෙන් හංවැල්ලේ එක්‌තරා ගෙයක තබා තිබෙන රජුට අයත් සමහර වටිනා භාණ්‌ඩයන් ආරක්‍ෂා කර ගැනීමේ සම්පූර්ණ වගකීමේ භාරය පවරා එA ගැන පරිස්‌සම් වන මෙන් අවවාද කොට, පහත් නිල දරන රදළවරුන් දෙදෙනකුට තුඩ පත් යවා හංවැල්ලෙන් ඈතට පැන ගොස්‌ සිටින මැලබාරයන් ස්‌වල්ප දෙනකුට බියක්‌ නොමැතිව පෙරළා එන මෙන් පණිවුඩ යෑවුවේය.

ඩොයිල්ගේ ඉල්ලීම පරිදි ලකිසුරුතුමා දෝලා තුනක්‌ එවා තිබූ නිසා පෙබරවාරි මස 22 වැනිදා සවස ගමන ආරම්භ වූයෙන් තෙල්දෙණියෙන් පිටත් වූ රජතුමා සහිත පිරිස රෑ 8.30 ට පමණ දඹරාවට සම්ප්‍රාප්ත වූහ. එහි පැමිණි විට එA පිරිස පිළිගැනීමට කිසි කෙනකු නොවීම ඩොයිල්ගේ මවිතයට හේතු විය. සියලු කටයුතු සූදානම් කිරීමට අදිකාරම්ට භාර කළ වේලෙහි සියලු සංවිධානයන් යෙදීමට ඔහු භාරගත්තේය. තානායම පමණක්‌ නොව ගමද හිස්‌ව පැවතියේය. අදිකාරම සමග මහනුවර ගිය මිනිසුන් ගමේ මිනිසුන්ගේ බඩු කොල්ලකා ගැනීමෙන් බියට පත් ගම්වැස්‌සෝ විදේශිකයන් සමග එන රජ පිරිසට බියෙන් පැන ගොස්‌ සැඟවී සිටියහ.

රටේ නොයෙක්‌ ප්‍රදේශයන්හි සඟවා තිබෙන රාජකීය දේපළ එA එA තන්හි වගකිවයුතු නිලධාරීන්ගේ භාරයට පවරන ලද හෙයින්, හේවායන්ගෙන් ද ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් හා කන්ද උඩ වෙන ප්‍රදේශයන් හි කොල්ලකෑමේ යෙදී සිටි අයගෙන් ද එAවා බේරාගෙන ආරක්‍ෂා කිරීම ගැනද ඩොයිලි කල්පනාකාරී විය. රජතුමා ඩොයිලි සමග කළ සාකච්ඡාවක්‌ ලකිසුරුට ලියා යවන ලද ලිපියක මෙසේ සඳහන් වේ.

මව හා බිසෝවරු

"රජතුමා පෙරෙයිදා රෑ මා සමග කතා කිරීමට කැමැති බව මට දැන්වීය. හෙතෙම මගේ අත අල්ලාගෙන මගේ ආධාර ඉල්ලමින් කියා සිටියේ වෙන කිසිවකු හැර තමා පමණක්‌ දන්නා පරිදි වස්‌තුව නිධන් කර තිබෙන තැන් මට දැන්වීමට රජතුමා කැමැති බවයි. මට තේරුණ අන්දමින් එසේ කීවේ එය අල්ලසක්‌ පරිද්දෙන් දීමටයි. සඟවා තිබෙන වස්‌තුව සම්බන්ධයෙන් රජතුමා දෙන කිසියම් වාර්තාවක්‌ වෙතොත් එය ඔබතුමාණන් ඉදිරියෙහි තබන බවද එසේ ලබාගන්නා සියලු වස්‌තුව ආණ්‌ඩුවට අයත් වන බවද මම කීවෙමි. එසේ විස්‌තරයක්‌ දෙන ලෙසට පොරොන්දු වූ රජතුමා යමක්‌ බලාපොරොත්තු වන්නාක්‌ සේ මට දැනුණේය. එහෙත් එA බඩු ලබාගැනීම නිසා රජතුමා ආණ්‌ඩුවේ විශේෂ සැලකිල්ලකට හෝ ආදර කරුණාවකට හෝ භාජන වන බවක්‌ සිතා ගැනීමට මම කිසිදු අනුබලයක්‌ නුදුන්නෙමි.

අද උදය නැවතත් රජු මා දැකීමට කැමති බව දන්වා, තම මවද, බිසෝවරුන් හතර දෙනා ද ගරු සරු ලීලාවෙන් මට හඳුන්වාදෙමින් පිළිවෙළින් ඔවුන්ගේ අත් මගේ අත්හි තබා ඔවුන් මට භාරදී ඔවුන්ගේ ආරක්‍ෂාව සලසන සේ පැවරුවේය. ඔහුගේ අපරාධයන් හා කිසිම සම්බන්ධකමක්‌ නැති ඔහුගේ ඥතීන් වූ මේ තැනැත්තියන් අපේ අනුකම්පාවට හා කරුණාවට විශේෂයෙන් භාජන විය යුතුයි. විශේෂයෙන් රජුගේ මහලු මව ගැන සැලකිය යුතුව තිබේ. ඕ තොමෝ සැනසිය නොහැකි පරිදි දුක්‌වන්නීය. ඇයගේ පුත්‍රයා අල්ලා ගත් දිනයේ පටන් ඈ නිතර පාහේ කඳුළු සලමින් සිටින බව මම ඇසීමි. රජුට හා ඔහුගේ නෑයන්ට විරුද්ධව ද හිංසා හා අපහාස පමුණුවනු ලැබේ යෑයි පතළ වූ බොරු ආරංචිවලින් ඔවුහු විශ්මයට පත්ව සිටියහ. ඔබතුමාණන්ගේ ආණ්‌ඩුව යටතේ එA සියලු දෙනාගේ පෞද්ගලික ආරක්‍ෂාව සලසන බවද, රජතුමාගේ ජීවිතයට කිසිදු හානියක්‌ නොකර ඔහුට කිසිදු වද වේදනාවක්‌ නොදෙන බවද සහතික ලෙස කියා සිටිමින් ඔවුන් සැනසුවෙමි."

රාජ ගෞරව පිරිනැමීම

මේ ගමනේදී අඩුපාඩු සැපයීම ක්‍රමයෙන් සිදුවිය. ගැහැනු ඇඳුම් කීපයක්‌ තම්බි මුදියන්සේ විසින් සපයන ලදී. මේ වනතුරු ද රජුට සුදුසු සම්පූර්ණ ඇඳුම් ලැබුණේ නැත. ඇඳුම් ලබාගැනීමට මඟක්‌ නොවූයෙන් එAවා ලබාදෙන්නට යෑයි අදිකාරම්ට දැන්වූ නමුත් එයද සඵල නොවූයෙන් එA පිළිබඳ නියමයක්‌ කරන්නට යෑයි ඩොයිලි ආණ්‌ඩුකාරයට දන්වා යෑවුවේය. නවාතැන් පිළියෙල කිරීම සම්බන්ධයෙන් ද අදිකාරම උනන්දුවක්‌ නොදැක්‌වූයේය. වුවමනා පමණ දෝළා නොමැති වීමද ලොකු කරදරයක්‌ විය. බිසෝවරුන්ගේ පරිහරණය සඳහා ඩොයිලිගේ දෝළාව දී තිබිණි. රජ පවුලේ අයට සුදුසු පරිදි සංග්‍රහ කිරීමටත්, ඔවුන්ට යෝග්‍ය ඇඳුම් ඇතිව ඔවුන් ගෙන යැමටත් ඩොයිලි මහා අදිකාරමගේ හා ආණ්‌ඩුකාරයාගේ සහයෝගය හා ආධාරය හැමවිටම බලාපොරොත්තු විය. මහ අදිකාරම්ට වුවමනා වූයේ හැකි පමණ උසස්‌ අන්දමින් සංග්‍රහ කිරීම නොව යම්තම් එAවා පිරිමසාලීමය. සියලු කරුණු සම්පූර්ණ කර නොගෙන එA පිරිස තවත් ඉදිරියට ගමනෙහි නොයෙදවීමට තීරණය කරගත් ජෝන් ඩොයිලි 23 වැනිදා දඩරාවේ සිට ආණ්‌ඩුකාරයාට ලියූ ලියුමේ මෙසේ සඳහන් කළේය.

"රජතුමා දැනට වැටී සිටින තත්ත්වයට අනුව ඔහු විසින් රාජ කකුට භාණ්‌ඩයන් පරිහරණය කිරීම සුදුසු නොවෙතත්, උසස්‌ පුද්ගලයන්ට කළ යුතු ගෞරවයට අනුව රජ පවුලට සංග්‍රහ කළ යුතුව තිබේ. සියලු තානායම්පළවල්හි සුදු රෙදි වියන් බැඳ තිබීමත්, කිසිදු අඩුපාඩුවක්‌ නොමැතිව ආහාරපාන වර්ග සැලසීමත් සපුරා සිදු කළ යුත්තේ එයින් අපේ ගෞරවය ද සැලසෙන හෙයිනි.

රජුගේ දේපළ

මෙවිට රජ පිරිසේ දෝළාවලින් ගෙන යා යුතු ස්‌ත්‍රීහු 17 දෙනෙක්‌ වූහ. එහෙයින් ඇඳුම් ප්‍රශ්නය මෙන් දෝළා ප්‍රශ්නය ද උග්‍රව පැවතියේය. මේ කටයුතු පිළියෙල කරන අතර ගිද්දාව ගමේ තිබූ රජුගේ දේපළ ගණන් බලා එAවා පහත සඳහන් පුද්ගලයන් භාරයේ තැබීම ද ඩොයිලි විසින් සිදු කරන ලදී.

1. කොටුවේගෙදර ආරච්චි - තඹ පිත්තල රිදී බඩු පෙට්‌ටි 3.

2. තලවින්නෙදුරයා - තඹ පිත්තල, රිදී බඩු පෙට්‌ටි 2, තුවක්‌කු 1, තුවක්‌කු නළා 2 හා තවත් දේ.

3. මාතලේ කෝරාළ - ලොකු කොත් විලක්‌කු පහන් 2, තුවක්‌කු 2 හා තවත් දේ.

4. මුතුකෙළියාවේ ආරච්චි - රිදී කාසි 1300, ඇත් දත් 4, තඹ හා තවත් දේ.

තඹ හා රිදී කාසි ටිකකින් ද පිත්තල බඩුවලින් ද රෙදිවලින් ද, තුවක්‌කු කීපයකින් ද, ඇතුළෙහි මොනවා ඇත්දැයි නොදත් යතුරු ලූ පෙට්‌ටි 3 කින් ද සමන්විත වූ මේ සියලු බඩුවල ලේඛනයක්‌ පිළියෙල කරවා ආණ්‌ඩුකාරතුමා වෙත යවන ලදී.

තල්දෙණියේ දී තම්බි මුදියන්සේ විසින් බඩු වර්ග කිහිපයකින් සමන්විත වූ පෙට්‌ටියක්‌ ඩොයිලිට පිරිනමන ලදින් එයින් ගත් රෙදි 2 ක්‌ රජුගේ නෑයන්ට දී ඉතුරු සියලු බඩු මහනුවර යවන ලදී.

නිධන් වස්‌තු රජතුමා විසින් නිධන් කර තැබූ වස්‌තුව පිළිබඳ රහස්‌ එළ කිරීමෙන් ඔහු යම් විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වූ බව පෙනේ. ඒ බව ඩොයිලි විසින් ආණ්‌ඩුකාරයාට ලියන ලද ලිපියක මෙසේ සඳහන් වේ.

"ඊයේ සවස මම රජු හමුවීමි. ඔබතුමාණන් දැකීමට එතුමා සතුටු බව ප්‍රකාශ කළේ ඔහු පමණක්‌ දන්නා රාජකීය වස්‌තු නිධන් කර තිබෙන තැන් ඔබට දන්වා ලීම සඳහායි. ඒ සම්බන්ධයෙන් කුමන ආධාරයක්‌ ලැබෙන්නේදැයි ඔහු ප්‍රශ්න කළේය. එයට පිළිතුරු වශයෙන් මා කීවේ ඔහු කොළඹට සැපත් වන්නට පළමු ඔබතුමාණන් හමුවීමට විධියක්‌ නොවන බවයි. තව ද රජතුමාට සහ ඔහුගේ පවුලේ හැම දෙනාටම නොමසුරුව සියලු සංග්‍රහ කිරීමට පිළිවෙළ යොදන බවත් එසේ වස්‌තු නිධානයන් ගැන දැන්වීමෙන් රජතුමා අමතරව යම් ආධාරයක්‌ බලාපොරොත්තු වන්නේ නම් එය ප්‍රතික්‌ෙZෂ්ප කරන බවත් ඔබතුමාණන් විසින් දැන්වීමට මට නියමකර තිබෙන බව ස්‌ථිර වශයෙන් කීවෙමි. එවැනි යමක්‌ බලාපොරොත්තු නොවන බව දැන්වූ රජතුමා ඔබතුමාණන් හමුව සාකච්ඡාවක්‌ පවත්වන තුරු රහස්‌ එළිකිරීම පමා කරන බව දැන්වීය.

ඇඳුම් ප්‍රශ්නය

එතැන සිට අත්තරගමට රජ පවුල යෑවීම සඳහා කටයුතු පිළියෙල කරවන ලදී. රජු සඳහා පිළියෙ

(c) Shilpa Sayura Foundation 2006-2017