ගණිත ප්‍රශ්න දහස 361-370
 
361. රූපයේ දක්වා ඇති අන්දමට O කේන්ද්‍රය වූ වෘත්තයේ අරය 10cm වේ.
PQ=16cm ද AB=12cm ද වේ.
i)කේන්ද්‍රයේ සිට PQ ජ්‍යායට ඇඳි ලම්බ දුර OF සොයන්න.
ii)OE දුර සොයන්න.
362.a=4,b=(-6)සහ c=(-8)නම් ab/c+c හි අගය සොයන්න.
363.සුළු කරන්න.
a/a+1 - b/b+1
364.එක්තරා පළාතක සතියේ දින පහකදී ලැබුණු වර්ෂාපතනය 27.3mm,17.7mm,40.5mm,20.5mm,100mm විය.දින 5තුළ ලැබුණු මධ්‍යන්‍ය වර්ෂාපතනය සොයන්න.
365.n වන පදය 2n+3 වන ශ්‍රේණියේ මුල් පද 3 ලියන්න.
366.a+b=140
b+c=120 නම් a-c සොයන්න.
367.(1,2) සහ (5,6) ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ සමීකරණය ලියන්න.
368.a(a+1),a²,2a(a+1)²යන මේවායේ කුඩාම පොදු ගුණාකාරය සොයන්න.
369.4,1,-2,.... යන සමාන්තර ශ්‍රේණියේ -38 වන්නේ කී වැනි පදයද?
370.රූපයේ දැක්වෙන්නේ ABC සමපාද ත්‍රිකෝණයකි.BC හි මධ්‍ය ලක්ෂය D වේ.
AD²=3/4AC²බව පෙන්වන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017