ගණිත ප්‍රශ්න දහස 311-320
 
311.පහත දැක්වෙන ප්‍රකාශ කුලක අංකනයෙන් දක්වන්න.
i)A කුලකයට හා B කුලකයට පොදු අවයව 2ක් ඇත.
ii)A කුලකයට අයත් නොවන නමුත් B කුලකයට අයත්වන අවයව ගණන 3කි.
312.වර්ෂා කාලයේදී එක්තරා වෙළඳසලක මුල් සතියේ දී අලෙවි වූ කුඩ සංඛ්‍යාව 40කි.දෙවන සතියේ දී 10%ක වැඩි අලෙවියක් දක්නට ලැබුණි.දෙවන සතියේ දී අලෙවි වූ කුඩ සංඛ්‍යාව සොයන්න.
313.සංඛ්‍යා 3ක ප්‍රථමක සාධක ගුණිතන් ලෙස දැක්වේ.
2*2*3 2*3*5 3*5*7
i)සංඛ්‍යා 3නේ මහා පොදු සාධකය කීයද?
ii)පළමු සංඛ්‍යව දෙවන සංඛ්‍යාවට වඩා කීයක් අඩුද?
314.රෑපයේ O කේන්ද්‍රය වන කේන්ද්‍රික කණ්ඩයේ BC සුළු චාපයකි.AOB හා DOC ත්‍රිකෝණ අංගසම බව පෙන්වන්න.
315.සුළු කරන්න.
3¼ - 5න් 3/10
316.a=2,b=3,c=0 නම් ab/2+abc හි අගය සොයන්න.
317.ABC ත්‍රිකෝණයේ AC හා AB පාද වල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D හා E වේ.
i)DE හා BC අතර සම්බන්ධය කුමක්ද?
ii)ඉහත දැක්වූ සම්බන්ධයට උපකාරී වූ ප්‍රමේය කුමක්ද?
318.සබන් කැටයක බර ග්රූම් m වේ.එවැනි සබන් කැට 12ක් ග්රූම් y බර පෙට්ටියක අසුරනු ලැබේ.සබන් කැට ඇසුරූ පෙට්ටි 10ක බර කොපමණද?
319.විසඳන්න.
8/x -4=16/x
320.
i)සවිධි බහු අශ්‍රයක බාහිර කෝණවල එකතුව සෘජුකෝණ කීයද?
ii)සවිධි බහු අශ්‍රයක අභ්‍යන්තර කෝණයක අගය 162ක් වේ.එම බහු අශ්‍රයේ පාද සංඛ්‍යාව කීයද?
(c) Shilpa Sayura Foundation 2006-2017