ගියර පෙට්ටිය (Gear box)
 එන්ජිමෙන් නිපදවෙන ජවය වැඩි භ්‍රමණ වේගයක් සහ අඩු ව්‍යාවර්තයක් සහිත වන අතර, රථය ගමන් ආරම්භ කිරීමට අවශ්‍ය වන්නේ වැඩි ව්‍යාවර්තයක් සහ අඩු වේගයකි. එසේ ම වාහනයක් මුලින් ම චලනය කිරීමට වැඩි ව්‍යාවර්තයක් අවශ්‍ය වන අතර, වාහනයේ වේගය වැඩි වත් ම අවශ්‍ය ව්‍යාවර්තය අඩු වේ.

අවසානයේ අනවරත වේගයක් උපදවා ගත් විට ව්‍යාවර්තය අවශ්‍ය වන්නේ මෝටර් රථය මත ඇති ප්‍රතිවිරුද්ධ බල - එනම් වාත සහ මාර්ග ප්‍රතිරෝධය යනාදිය මැඬලීමට පමණී. ගියර පෙට්ටියක් මූලික ව අවශ්‍ය වන්නේ එන්ජිමෙන් නිපදවෙන ව්‍යාවර්තය විවිධ වූ ගියර අනුපාත යොදාගෙන මෙසේ ධාවනයට අවශ්‍ය ලෙස වෙනස් කිරීම හා චලිත දිශාව වෙනස් කර ගැනීමට ය.

ගියර පෙට්ටියක ඇති එකිනෙකට සම්බන්ධ වන ගියර් රෝදවල දැති සංඛ්‍යාව සමාන හෝ වෙනස් ය. ගියරවල දැති සංඛ්‍යාව වෙනස් වූ විට එමගින් සම්ප්‍රේෂණය කිරීමට හැකි ව්‍යාවර්තයන් වෙනස් වේ. විවිධ ගියර තෝරා ගන්නවා යනු විවිධ ව්‍යාවර්තයන් අවශ්‍ය පරිදි තෝරා ගැනීම ය.
58.jpg

N1 කුඩා ගියරයේ දැති ගණන       ௰1  - කුඩා ගියරයේ කෝණික ප්‍රවේගය

N2 විශාල ගියරයේ දැති ගණන     ௰2  - විශාල ගියරයේ කෝණික ප්‍රවේගය

T1 කුඩා ගියරයේ ව්‍යාවර්තය         ௦1  - කුඩා ගියරය කැරකෙන කෝණය
                                                        (කෝණික ප්‍රවේගය)

T1 විශාල ගියරයේ ව්‍යාවර්තය        ௦1  - විශාල ගියරයේ කැරකෙන කෝණය

                                                        (කෝණික ප්‍රවේගය)


ගියර දෙකක ඇති දැති ප්‍රමාණයන්ගේ අනුපාතය එමගින් සම්ප්‍රේෂණය වන ව්‍යාවර්තයට අනුලෝම ව සමානුපාතික වන අතර, ඒවා අතර කෝණික ප්‍රවේගයට ද ප්‍රතිලෝම ව සමානුපාතික වේ. එනම්, සම්බන්ධ වී ඇති ගියර දෙකක දැති අතර ඇති වෙනස වැඩි වත් ම විශාල ගියරයේ ව්‍යාවර්තය සහ කෝණික ප්‍රවේගය නියත ව පවත්වා ගත්ත ද කුඩා ගියරයේ ව්‍යාවර්තය සහ කෝණික ප්‍රවේගය නියත ව පවත්වා ගත්ත ද කුඩා ගියරයේ වේගය වැඩි වේ‍‍‍. ව්‍යාවර්තය අඩු වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017