ගණිත ප්‍රශ්න දහස 281-290
 
281.එකක් මත එකක් නොපිහිටන පරිදි (අතිජ්ච්ජාදනය නොවන )හා හිදැස් නොසිටින සේ හැඩතල මගින් තලයක් සම්පූර්ණයෙන් ආවරණය කිරීම ............ වශයෙන් හඳුන්වනු ලැබේ.(හිස්තැන පුරවන්න.)
282.සමපාද ත්‍රිකෝණයක භ්‍රමක සමමිති ගණන කොපමණද?
283.මෙම රූපයේ ඇති
i)සුළු වෘත්ත කණ්ඩය කුමක්ද?
ii)මහා චාපය කුමක්ද?
284.1.3*10ෘ4 + 1.7*10ෘ4 හි අගය කුමක්ද?
285.උප කුලක 32 ක් ඇති කුලකයක අනේකත්වය සොයන්න.
286.කොළඹ ගුවන් තොටුපළින් 1020h ට පිටත් වූ UL-101 ගුවන් යානය සිංගප්පූරුවට ලඟාවන විට වේලාව 1240h ක් විය.
i)ගමනට ගත වූ කාලය සොයන්න.
ii)සිංගප්පූරුවත් කොළඹත් අතර කාල කළාප දෙකක වෙනසක් පවතී නම් සිංගප්පූරුවේ නියමිත වේලාව කොපමණද?
287.රූපයේ දැක්වෙන කාඩ්බෝඩ් කැබැල්ලේ A ශීර්ෂය අචලව තබා ගනිමින් A ශීර්ෂය වටා කාඩ්බෝඩ් කැබැල්ල වාමාවර්තව චලනය කළ විට B හා C ලක්ෂයන්ගේ පථය විස්තර කරන්න.
288.ළමයෙකු විසින් තම ජ්‍යාමිතික නිර්මාණ පොතේ කර ඇති නිර්මාණයක් වම් පස රූපයේ දැක්වේ.ඔහු විසින් නිර්මාණය කර ඇති ABC^ හි අගය මැනීමකින් තොරව ප්‍රකාශ කරන්න.
289.රූපයේ BC=4x cm,AB=5x cm,AE=2x cm,ද නම් DC හි දිග සොයන්න.
290.(x-a)²=x²-8x+a² නම් a හි අගය සොයන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017