ගණිත ප්‍රශ්න දහස 271-280
 
271.2004-08-23 යන දිනය අයත් වන
i)දශකය ii)සියවස (ශතවර්ෂය) iii)සහශ්‍රය කුමක්ද?
272.ළමයෙකු ත්‍රිකෝණ සංඛ්‍යා ලබා ගැනීම සඳහා කළ පැවරුමකදී ලබා ගත් රටාවක් ඉහත දැක්වේ. Tnලෙස දක්වා ඇත්තේ පළමු ත්‍රිකෝණ සංඛ්‍යාවයි.

යන සම්බන්ධතාවය උපයෝගී කරගනිමින් Tn යන ත්‍රිකෝණ සංඛාව ලබා ගත හැකි ප්‍රකාශනයක් ලියන්න.
273. 8 යන සංඛ්‍යාව පූර්ණ වර්ග 4ක එකතුවක් ලෙස ලියා දක්වන්න.
274.අගය සොයන්න.√4*9*16*25
275.ABC ත්‍රිකෝණයේ A^ B^සහ C^ අතර අනුපාතය 2:3:5 වේ.ත්‍රිකෝණයේ B^ අගය සොයන්න.
276.1:50000 ලෙස පරිමාණය යොදා ඇති සිතියමක නගර දෙකක් අතර දුර 5cm ලෙස මැනීමෙන් ලබා ගත හැකිය.
277.සිසුන් 40 දෙනෙකු සිටින පන්තියක ඔවුන් කෑමට කැමති පළතුරු වර්ගය පිළිබඳව ලබාගත් තොරතුරු ඇසුරින් අඳින ලද වට ප්‍රස්ථාරයක් රූපයේ දැක්වේ.
i)අඹ කෑමට කැමති ගණන කොපමණද?
ii)දිවුල් කෑමට කැමති ගණන ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
278.සෙන්ටිමීටර වලින් ක්‍රමාංකනය කරන ලද බෝතලයක 1 කොටසකින් 0.25L ද්‍රව ප්‍රමාණයක් දක්වයි.බෝතලයේ 7.5cm වලින් දක්වන ද්‍රව ප්‍රමාණය කොපමණද?
279.භාජ්‍යය 125 ද භාජකය 17 ද නම් ලබ්දිය හා ශේෂය කවරක් විය යුතුද?
280.4.8% භාගයක් ලෙස දක්වන්න.