පුලිඟු ජ්වලන පද්ධතිය (Spark ignition system)
  පෙට්‍රල් එන්ජිමක දහන ක්‍රියාවලියට සම්පීඩන පහර අවසානයට පෙර පුලිඟුවක් ලබා දිය යුතු වේ. බහු සිලින්ඩර් පෙට්‍රල් එන්ජිම්වලට අදාළ සිලින්ඩරයට නියමිත වේලාවට පුලිඟුවක් ලබා දීම පිණිස භාවිත වේ.

වාහනවල භාවිත වන බැටරිවල 12V නිශ්චිත සරල ධාරා වෝල්ටීයතාවක් පවතී. එහෙත් පෙට්‍රල් එන්ජිමක සිලින්ඩරය තුළ දහනයට අවශ්‍ය ආකාරයට පුලිඟුවක් ලබා දීමට අධිවෝල්ටීයතාවක් අවශ්‍ය වේ. මෙසේ අධිවෝල්ටීයතාව ජනනය ද, දහන අනුපිළිවෙළ අනුව නිවැරදි ව සිලින්ඩරවල පුළිඟු පේනු වලට අධිවෝල්ටීයතාව ලබා දීම කළ යුතු ය.

මෙම අවශ්‍යතා සපුරාගැනීමට අධිවෝල්ටීයතාව ජනනයට ජ්වලන දඟරයක් (Ignition coil)ද, දහන අනුපිළිවළට පුලිඟු ලබා දීමට බෙදාහරිනයක් (Distributor) ද අවශ්‍යය.

(c) Shilpa Sayura Foundation 2006-2017