සීගිරිය නුවර පිහිටවීමට ස්ථානය තෝරාගැනීම සිට පර්වතයට අනුරූපව ජ්‍යාමිතිකව ගොඩනැගිලි, පොකුණු, මාර්ග, අගල්, පවුරුද හා උයන්ද ඉතා උසස් නගර සැලස්මකි. නගරය ඇතුලුවීමට ද්වාර සතරක් විය. නගරය අවට උස්බිම් හා ස්වාභාවික ලක්‍ෂණ නගරය ආරක්‍ෂා කිරීමට හා සේනා රඳවා තැබීමට භාවිතා විනි. ස්වාභාවිකව වර්ධනය වූ නගරයක එවන් පිහිටීම් රටාවක් නොපවතී. බටහිර හා නැගෙනහිර දොරටු අතර අඳින සරළ රේඛාව හරියටම පර්වත මධ්‍ය හරහා යයි. නගරයේ ප්‍රමද උයන, සීතල මාලිගා, පවුරු හා අගල් සැම ඉන් සමමිතිකව දෙකට බෙදේ.
උතුර හා දකුණ හරහා ඉදිකරණ ලද ව්‍යුහ සැම පර්වතය පළලට අනුව නිර්මාණය කර ඇත. ව්‍යුහ අතර සම ජ්‍යාමිතික හැඩ හා සම කෝණ අනුව බලන කල එවන් නගරයක් නිර්මාණය කිරීමට හා ගොඩනැගීමට දියුණු මැනුම් ක්‍රම භාවිතයට ගත් බවට සැකයක් නොමැත. තවද උද්‍යාන, මාලක හා පවුරුද, භුමි දර්ශනද පර්වතය සමග අනුකූල වන සමෝච්ව රේඛා අනුවත් යොදා තිබේ.

සීගිරියේ ඉංජිනේරු විද්‍යාත්මක ගැටළු
අළුතින් ඉදිකරන නුවරක වර්ෂය මුලුල්ලේ ජලය ලබාගැනීමට ජලාශ ඉදිකිරීම, ජලය රැස්කිරීම, බෙදාහැරීම හා කළමණාකරණය ගැටළුය. සීගිරිය අවට වැව්, පොකුණු හා ගලමත සැදි පොකුණුද, ගුරුත්වය, නල, කාණු, අගල් භාවිතා කර ජලය බෙදාහැරීමද කර ඇත. ගල දිගට කටාරම් කපා බලකොටු පවුරු වර්ෂා ජලයෙන් ආරක්‍ෂා කෙරුණි. ගලමත සෑදු ගොඩනැගිලි, උද්‍යාන ආදිය දැඩි සුළගින් ආරක්‍ෂා කරගැනීමට ගල මත ප්‍රාකාරයක් බැඳිණි. අදද දෙබරු බඳින්නේ සුලං ප්‍රාකාරයට ප්‍රතිවිරුද්ධ දිශාවෙනි.