දිය අගල් හා පවුරු වලට අමතරව සීගිරිය ආරක්‍ෂා කරන්නේ නැගෙනහිරින් සැදි ස්වාභාවික මහා කඳුවැටි පවුරකිනි.
කි.මී 25 දිග මෙම කඳුවැටිය උතුරට විහිදේ. මෙම කඳුවැටිය දිගට ගිරිතලේ මුල්ල, දෙවිල මුල්ල ආදී විවිධ ස්ථාන සේනා රැස් කිරීමට යොදාගන තිබිණි. බටහිරින් පිහිටි ඉනාමළුව කන්ද හා උස් බිම් ප්‍රදේශයද, මිරිස්ගෝනි ඔයෙන්ද, වගුරුබිම් වලින්ද එය ආරක්‍ෂා වේ. දකුණින් පිහිටි කිතුල්හිටියාව හා පිදුරන්ගල කඳුද නිරීක්‍ෂණ සේනා තැබීමටද භාවිතා කරන්නට ඇත.

සීගිරිය අවට වැව් පද්ධතිය

සීගිරිය ගොඩනැගීමට මැටි ලබාගත්තේ එය වටා පිහිටි වැව් වලන් විය හැක. මැටි ලබාගැනීමට හෑරීමෙන් වැව ඉබේම හෑරේ. ඒවා සීගිරි ජල උද්‍යාන වලට ජලය ලබා ගැනීමට භාවිතා කරන්නටද ඇති අතර එකල ගොවිතැන දියුණුවටද හේතුවූවා විය හැකිය. සීගිරිය වැව, කණ්ඩලම ආදී වැව් විස්සක් පමණ සීගිරිය වටා ඇත. ඒ අනුව දැනට වනෝද්‍යායනයක් ලෙස භාවිතා වන උතුරු ප්‍රදේශයටද සීගිරි නගරය විහිදුන බව සිතිය හැක.
කාශ්‍යප රජුට පෙර සීගිරිය