රසායනික ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය
 
අප වසන පරිසරය තුළ නිරන්තරයෙන් අති මහත් විශාල ප්‍රමාණයකින් විවිධ අන්දමේ රසායනික ප්‍රතික්‍රියා සිදු වේ.
මෙම ප්‍රතික්‍රියා අතරින් හරිත ශාක තුළ සිදුවන ප්‍රභාසංශ්ලේෂණ ප්‍රතික්‍රියාව අති විශාල ප්‍රතික්‍රියාවක් ලෙස හැඳින්වීමට පුළුවන.
මෙම ප්‍රතික්‍රියාව මගින් වාර්ෂිකව නිපදවෙන කාබෝහයිඩ්රේට් ආහාර ටොන් 2x10 ප්‍රමාණය නිසා මුලු මහත් ජෛව ලෝකයට ම අවශ්‍ය ශක්තියත්, පැවැත්මත් ලබා දේ. ඉන්ඒන දහනය, ආහාර ජීර්ණය, මලබැඳීම, බදාම සවිවීම, කොන්ක්‍රීට් සවිවීම, හුනුගල් පිළිස්සීම, යකඩ නිෂ්පාදනය, ප්ලාස්ටික් නිෂ්පාදනය, තුවාලයක් සිදු වූ විට රුධිරය කැටි ගැසීම ආදි ප්‍රිතක්‍රියා අපට පරිසරය තුළ දැක ගත හැකි විවිධ රසායනික ප්‍රතික්‍රියා අතරින් කිහිපයක් වේ.
ඉතා කුඩා සක්‍රිය ජීව සෛලයක් තුළ පවා විවිධ රසායනික ප්‍රතික්‍රියා අති විශාල ගණනක් සිදු වේ.
මෙම රසායනික ප්‍රතික්‍රියා සිදුවන වේගය අනුව අපට ඒවා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැකි ය.
එනම්,

(1) ක්ෂණිකව සිදුවන ප්‍රතික්‍රියා
(2) විද්‍යාගාරයක දී මැනිය හැකි වේගයකින් සිදු වන ප්‍රතික්‍රියා
(3) ඉතාමත් සෙමින් සිදුවන ප්‍රතික්‍රියා වශයෙනි.

රතිඤ්ඤාවක් පත්තුවීම ඉතා ක්ෂණිකව සිදු වේ.
නිලාකූරක් වේගයෙන් දැල් වේ. හඳුන්කූරක දහනය ඉතා සෙමින් සිදු වේ. මෙහි දී අප ක්ෂණිකව, වේගයෙන්, සෙමින්, යනුවෙන් අදහස් කළේ එම ක්‍රියාව සිදුවන ශීඝ්‍රතාවයි.
අප අවට ඇති පරිසරයේ සිදුවන ප්‍රතික්‍රියා මෙසේ විවිධ ශීඝ්‍රතාවලින් සිදු වේ.

ක්‍ෂණිකව සිදුවන රසායනික ප්‍රතික්‍රියා නිසා ස්ඵෝටක (පිපිරීම්) ඇති වේ.
ඩයිනමයිට් දල්වා ගල් කුළු පුපුරා හැරීම කරන්නේ මැවැනි ස්ඵෝටක ප්‍රතික්‍රියාවක් මගිනි.
ලෝකයට ඉමහත් හිසරදයක්ව පවතින විවිධ ත්‍රස්තවාදි කල්ලි මගින් මෙකල වැඩි දියුණු කළ ස්ඵෝටක ද්‍රව්‍ය යොදා අති විශාල විනාශයක් මිනිස් සමාජයට සිදුකරන්නේ මෙවැනි ස්ඵෝටක මගිනි.
ඩයිනමයිටයක් ප්‍රතික්‍රියා කිරීමට පටන් ගන්නා වේලාවත් එහි ප්‍රතික්‍රියා අවසන් වීමට ගත වන වේලාවත් අතර කාලය වන්නේ තත්පරයකින් ඉතා සුළු මොහොතකි. එවිට ක්ෂණිකව පරිසරයට මුදා හැරෙන අති මහත් ශක්තියෙන් විශාල කළු ගලක් කැබලි කරගත හැකි වේ.

කොන්ක්‍රීට් සවිවීම, හුනු බදාම සවිවීම, යකඩ මලබැඳීම, වාතයේ ඇති ඔක්සිජන් මගින් විවිධ ඛනිජ වර්ග ඔක්සිකරණය වීම, අම්ල වැසි මගින් හුනු ගල් දිය වීම වැනි ප්‍රතික්‍රියා ඉතා සෙමින් මන්දගාමිව සිදුවන රසායනික ප්‍රතික්‍රියා වේ. ඉතා වේගයෙන් සිදුවන රසායනික ප්‍රතික්‍රියා සහ ඉතා සෙමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියා අතර ඇති පාසැල් විද්‍යාගාර මට්ටමින් පහසුවෙන් වෙගය මැනිය හැකි ප්‍රතික්‍රියා රධසක් ද වේ.
එම ප්‍රතික්‍රියා වල වේගය මැනීම සඳහා විවිධ ක්‍රම උපයෝගි කර ගත හැකි වේ.
 
(c) Shilpa Sayura Foundation 2006-2017