ඒ ඳඩුවැව
කෑගලු දිස්‌ත්‍රික්‌කයේ සතර කෝරළේට අයත් ගල්බොඩ කෝරළේ මැදපත්තුවේ පිහිටි ප්‍රසිද්ධ ගමකි. මාවනැල්ලේ සිට ඇල්පිටියට යන පාරේ පිහිටි මේ කුඩා ගම ඉතා පුරාණ කාලයෙහි සිටම කඩු හරඹයෙහි දක්‌ෂයින් ගැන පතළව තිබුණේය. මේ ගමේ ඔවුනොවුන්ට විරුද්ධව සිටි පවුල් දෙකක් විය.
පවුල් දෙකම එක තරමටම කඩු හරඹයෙහි දක්‌ෂයන්ගෙන් යුක්‌ත විය. සුදලිසේ හරමක්‌කාරයෝ සහ මාරලියේ හරමක්‌කාරයෝ යන නම් වලින් ප්‍රසිද්ධව සිටි මේ පවුල් දෙක අතර පරම්පරා කීපයක සිටම රජතුමා ඉදිරියේ තරඟයට අංගම් කොටාගැනීමේ ක්‍රීඩාවක් පැවතුණේය.
අවුරුදු පතා මේ ක්‍රීඩාව පැවැත්වීමද සිරිතකි.
කඩු සරඹ දැක්‌වීමේ මෙකී ක්‍රීඩා තරගයේදී ඒ දර්ශණය සඳහා රාජකීය පිරිස ඇතුළු රටවැසියන්ගේ පැමිණීම ද සිරිතකි. තරඟය පවත්වන ආකාඩයට සියල්ලෝම රැස්‌වූ පසු තරඟ කරුවෝ කඩුත් රැගෙන අකවළුවට බසිති.
එක් දවසක් රජතුමා මාරලියේ පනික්‌කිරාල අමතා සුදලියේ පවුලේ හරමක්‌කාරයෙකු සමඟ අංගම් කෙටීමේ හරමකට පැමිණෙන ලෙස නියෝග කෙළේය. අංගම් කෙටීම වනාහි කඩු හරමයේත් ඉතාම භයානක මාරාන්තික ක්‍රීඩාවකි. ජයපරාජය පළවන්නේ එකකු මළාට පසුවය.
මාරාන්තික මේ ක්‍රීඩා තරඟය සඳහා මහවාසලින් නියෝගලත් මාරලියේ පනික්‌කිරාළ සිය පවුලේ තත්ත්වය ගැන කල්පනා කෙළේය. සිය බිරින්දෑ ගැබ්බරින් නිදහස්‌වීමට ආසන්නව සිටියාය. සිය පවුලේ අභිමානයට හා කීර්තියට හේතුවූ මේ කඩු හරඹය හැදෑරූ පුතෙක්‌ද ඔහුට නැත්තේය.
තරඟයෙන් පසු ආපසු ගෙදර එන්නට ලැබීම අඩමාන හෙයින් ඔහු සිය බිරිඳ අමතා යම්හෙයකින් තමා නොපැමිණියහොත් සිය පරපුරෙන් නොකැඩී පැවත එන කඩු ශිල්පය ඈ බිහිකරන පිරිමි හෝ ගැහැණු දරුවකුට අනලස්‌ව පුහුණු කරවන ලෙස නියම කළේය. මෙසේ නියම කොට ගිය පනික්‌කිරාළට තමා සිතුවාක් මෙන් ආපසු
එන්නට නොලැබිණි. ඔහු අංගම් කෙළියෙන් වැටුණේය.
ඉන් ටික කලකට පසු ඔහුගේ කනවැන්දුම් බිරියට දුවක් ලැබුනීය. ඈ ඇගේ එකම දුව මහත් ආදරයෙන් ඇති දැඩි කළාය. මේ කාලයේ දඹදිව මාලව දේශයෙන් වෙළඳුන් සමූහයක් ලක්‌දිව ගොඩ බැස්‌සෝය. ඔවුහූ තැන් තැන්වල ඇවිද වෙළඳාම කරන අතර සතර කෝරළේ ඒඳඩුවැව නමැති ගමටද ආවෝය.
යටකී වැන්ඳඹුවගේ නිවසට පැමිණි වෙළෙන්දෝ කීප දිනක් එහි නවාතැන් ගෙන අවට ගම්වල ඇවිද වෙළඳාමෙහි යෙදුණෝය. එහිදී මේ වෙළඳුන්ට එම නිවසේ අධිපතිනිය වූ යටකී වැන්ඳඹුව හා දුවත් ඇගේ සැමියා පිළිබඳ සියලු තොරතුරුත් දැනගන්නට ලැබුණෝය.
ළදැරිය ගෙනයාම පියාගේ වියෝගයෙන් අසරණව සිටි ඒ ළදැරිය කෙරෙහි අනුකම්පා කළ වෙළෙන්දෝ ඔවුන් පෙරළා දඹදිව යන කල ළදැරිය ද කැඳවාගෙන ගියෝය. එහිදී ඔවුහු ඈ මාලව දෙශයෙහි අතිසමත් කඩුශිල්පයකු වෙත යවා කඩු හරඹය මොනවට පුහුණු කෙරෙව්වෝය.
ලමයා ලතිස්‌ටා නිවසක පදිංචිව සිට සිය පියාගෙන් උරුම වූ දායාදයක් වැනි කඩුහරඹයෙහි අතිසමත් කොට පහර නොලබා බේරීමට තරම් දක්‌ෂ වූවාය. ඈ සුරතින් කග අමෝරා ගත්කල සතුරන් රංචුවක් මැදට පැන පහර නොලබා සතුරන් සාධා ජයකෙහෙළි බැඳීමට තරම් කඩුහරමෙහි කුසලතාවක් පෙන්වීම ගැන ඇගේ ගුරුවරු විස්‌මය පළකළහ.
සියරට ඒම විශේෂයෙන් කඩුහරඹයත් තවත් බොහෝ ශිල්ප ශාස්‌ත්‍රත් හැදෑරූ ඒ වීරමණිය පිරිපුන් නව යොවුන් වියෙහිදීම සිය රටට පැමිණියාය. සිය නිවසට පැමිණි ඈ සති කීපයකට පසු දිනක පිරිමි වෙස්‌ගෙන සිය මවත් සමඟ මහවාසලට ගොස් රජු බැහැදැක්‌කෝය.
තම පවුලේ තොරතුරු රජු ඉදිරියේ ප්‍රකාශ කළ ඈ සුදලියේ පවුලේ ඕනෑම හරමකාරයෙකු සමඟ සටනට තමා සමත් බව කියා තම පියාගේ තනතුරු ඈට
දෙන ලෙස අයැද සිටියාය. රජු කල්පනා කෙළේ මේ තරුණයා මියගිය මාරලියේ හරමක්‌කාරයාගේ පුතකු බවය.
මේ නිර්භීත තරුණයාගේ බසට සවන්දුන් මිහිපතිතුමා ඔහුට ද්වන්ධ යුද්ධයක් කර පෙන්වන ලෙස සමුදුනි. සිංහල රජ කාලයේ දී ඌරා ළිඳේ අංගම් කෙටීම නමින් තරඟ ශිල්ප දැකුමක් අවුරුදු පතා පැවැත් විණි. මෙය ශිල්ප දැකුමක් මෙන්ම ප්‍රස්‌ද්ධ හරඹකාරයන් අතර කෙරුණු එළිමහන් ක්‍රීඩාවක් ද විය.
මේ හරඹේ ජයපරාජය අත්වන්නේ එක්‌කෙනෙකුගේ දිවි හානි වීමෙන්ය. දෙදෙනෙකුට පොරබැඳීමට තරම් ඉඩකඩ ඇති බඹ අටක් හෝ දහයක් පමණ ගැඹුරැති ලිඳකට බැස කඩුවලින් කොටාගනිමින් දෙදෙනාගේ ම අත්පාවල වැරෙන් ගොඩට අවුත් වළකටේ දී එ කෙක් වළට තල්ලු කර දමා අනිකා ගොඩවීමෙන් ජයගන්නා මේ ක්‍රීඩාව ඉතා බිහිසුණු ය.
මෙබඳු මාරාන්තික සටනකින් පවා ජයගැනීමට තරම් ශක්‌තියක් හා මනා පුහුණුවක් ලැබ සිටි යට කී වීරමණිය තරඟයට සූදානම් වූවාය. ඌරා ළිඳේ අංගම් කෙටීම රජතුමා බඹ හතක් ගැඹුරැති පතහ (ඌරාළිඳ)ක් කණවා තරඟයට දිනක් නියමකර වැසියනටද අංගම් කෙළි උළෙල නැරඹීමට එන ලෙස අණබෙර හසුරුවා හැරියේය. නියමිත දින එළඹියේය.
පිරිමි ඇදුමෙන් සැරසී පැමිණ සිටි ඒ වීර රමණීය සහ ශක්‌තිමත් හැඩිදැඩි මල්ලවයෙක් ද රිදී පොටක් මෙන් දිලිසෙන තියුණු මුවහත් කඩු දෙකක්‌ද සුරතින් ගෙන ළිඳට බැස්‌සෝය. ළඳ තුළට බැස්‌ස ක්‌ෂණයකින් බිහිසුණු ව්‍යාඝ්‍රයන් දෙදෙනෙකු මෙන් මාරාන්තික සටන ඇරඹූහ.
ටික වේලාවකින් පසු තරුණියගේ කඩු පහරකින් සුදලියේ ශූරයාගේ ගෙල සිඳ වැටිණ. දිසාපති ධූරය ලැබීම මෙසේ ජයග්‍රහණය කිරීමෙන් පසු රාජවරප්‍රසාදයට භාජනය වූ වීර රමණීය රජතුමා ඉදිරිපිටදීම පිරිමි ඇදුම් උනා නියම ස්‌ත්‍රී ඇදුමෙන් සැරසී රජු ඉදිරියට අවුත් වැඳ සිටියාය.
මෙය බලා සිටි රජතුමා ඇතුළු මහ ජනකාය අතිශය විස්‌මයට පත්වූහ. රජතුමා ඇගේ නිර්භීත කමත් සූර කමත් ගැන පැහැද මුව නොසෑහෙන සේ පසසා ඇගේ නම් ගොත් හා ඈ පිළිබඳ තතු සියල්ල විචාරා මහත් සත්කාර සම්මාන කෙළේය.
ඉන්පසු රජතුමා ඒ කාන්තාවට අලි පස්‌දෙනෙක් හා ඉඩකඩම් රාශියක් දිවෙල්කොට දී සතර කෝරළේ දිසාව ධුරයකට කාන්තාවක් පත්කරන ලද ප්‍රථම වාරය මෙය වේ. දිසාපති නිලමේලාට දිසා මහත්මයා යන නම භාවිත වූයේ එතැන් සිටය.
කල්යාමේ දී මේ දිසාමහත්මයාගේ දරු පරපුර අභාවයට ගියේය. එම ඉඩකඩම් නින්දගම් ආදිය අන්තිම සිංහල රජුගේ අවදියේදී මොල්ලිගොඩ මහ අදිකාරම් සතුව තිබිණැයි කියති. මේ දිසා මහත්මයා පදිංචිව සිටි ඉඩමට වලව්වේ වත්ත යයි කියති.
මේ තැනැත්තියගේ එක් පුතෙක් දෙවෙනි රාජසිංහ රජුගේ කාලයේදී පනික්‌කි දිසාව නමින් ජීවත්ව සිටි බවත් ඔහු ද කඩු හරඹයෙහි සූරයකු ලෙස යුද්ධ කීපයකදීම සටන්කර තාන්නාමාන්න ලබා සිටි බවත් කියති.
