අකුණු සැරේ මෙනි බස් තෙපලන්නේ
මෙකුණුසැරේ කව්රුදු ඉවසන්නේ
නැවත උරේ වැලමිට නොසිටින්නේ
වලළු කරේ යකු ආවෙස වෙන්නේ
රැවටිල්ලේ හැඩ වැඩ තේරෙන්නේ
කැරකිල්ලේ ඉස කල් ගත වෙන්නේ
යුගඇල්ලේ නොසිටම බසිමින්නේ
දසඟිල්ලේ යකු ආවේස වෙන්නේ
කැටුව හොරෙක් යන තැනටම යන්නේ
මුසුව බින්න සැම වදින කියන්නේ
කටුව විඳින කල්වද දගලන්නේ
පපුව උදර යකු ආවෙස වෙන්නේ
දෙසුවේ මේ වෙනතුරු පල් බොරුම යි
දෙලොවේ හොද මාවත් කටු ගැසුව යි
නැටුවේ කිසි මතකට නැති දේට යි
ඉසපිට සිටිනා යකු ආවෙස වෙ යි
නැටුවා වැඩි බව දැනුයි දැනෙන්නේ
මොනවා පිණිසද ඔය උඩ පැන්නේ
මුදවා මෙම පත් දොස හරියන්නේ
කලවා දෙක යකු ආවෙස වෙන්නේ
මිනිස් කමට සිටිනුය පැයකට වත්
ඈවුස්‌සුනොත් සියලුම දේ වරදිත්
පරස් ව කරනා වැඩ දෙකටම නැත්
දනිස් දෙකේ සිට යකු ආවෙස වෙත්
වෙන්ඩ තිබෙන දේ බැහැ වෙනවා මිස
ගන්ඩ තිබෙන දේ ගෙනයනවා මිස
ඉන්ඩ ඉඩක් නොලැබේ සිටියා මිස
කෙන්ඩ බොලට යකු වෙන දැන් ආවෙස
යවුල් එලන ලෙස පපුවට සරොසින්
අවුල් වචන නොකියා ඉඳ නවතින්
නොකල් බැළුම් ඉඩහැර කවි බලයෙන්
දෙපතුල් දසගිලි යකු ආවෙස වෙන්