රන් නිස්සාරණය
 

ගෝල්ඩ්, ප්ලැටිනම්, සිල්වර් යන ස්වභාවයෙන් පවතින්නේ මුක්ත මූලද්‍රව්‍ය ලෙසටය. සමහර ඉල්ලම්වල ඇති රන් සහ ප්ලැටිනම් කැට අතින් අහුලා ගත හැකි තරම් ඒවාය. සමහර විට මෙම මූලද්‍රව්‍ය අගම් ඉල්ලම් ලෙසට ද පවතී. අගම් ඉල්ලම් යනු රන් වැනි වටිනා ලෝහ මිශ්‍රව පවතින වැලි, බොරළු, තිරිවානා වැනි ඛනිජ අඩංගු ඉල්ලම් ය.

0,001% ප්‍රමාණයක් රන් අඩංගු තිරිවානන් 0,00003% පමණ රන් අඩංගු බොරළු සහ වැලිත් වාණිජව ලාභදායකව රන් වෙන්කර ගත හැකි ඉල්ලම් ය. සාමාන්‍යයෙන් රත්රන් ලබාගන්නේ ඒවා අඩංගු වැලි, බොරළු ආදිය ගැරීමෙනි. රත්රන් ඝනත්වය වැඩි බැවින් ඒවා ගැරුම් බඳුනේ පතුලේ එකතු වේ.

රත්රන් අඩංගු දියළු වැල්ලට වේගවත් ජල පහරක් එල්ල කිරීමෙන් ද රන් ලබා ගත හැකිය. ජල ධාරා එල්ල කිරීම නිසා වැලි සහ මැටි සමඟ මිශ්‍රව ගමන් ගන්නා රන් සුනු දිගටි ලී වලින් සෑදූ විශාල නොගැඹුරු සොරොව්වක් ඔස්සේ යෑමට සලස්වනු ලැබේ. එම සොරොව්ව තුළ හරහට සවිකර ඇති "රිපල" නම් හරස් ලී පොලු තිබේ. එසේත් නැතිනම් පතුළට ඝනකම් ලෝම රෙදි යොදා තිබේ. මේවා තුළ ඝනත්වය වැඩි රන් සුනු එකතු වේ. ඉල්ලමේ අඩංගු වැලි සහ මඩ සේදී වේගවත් ජල ධාරාව සමග ඉවත්ව ගමන් කරයි.

ඛනිජ අඹරා ජලය සමඟ මිශ්‍රකර රසදිය අඩංගු තඹ තහඩු මතින් එම ජලය යැවීමයි. තඹ තහඩුව මත අඩංගු රසදිය තුළ රන් දිය වී රත්රන් සංරසය නැමැති රසදිය රත්රන් මිශ්‍රණයක් ඇති වේ. මෙම සංරසය රත්කොට රසදිය වාෂ්ප වීමට හැර රත්රන් වෙන් කර ගනු ලැබේ.
උහතින් දැක්වූ ක්‍රමවලට අමතර රන් වෙන්කර ගන්නා තවත් රසායනික ක්‍රම වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017