සෝඩියම් ලෝහය මුල් වරට නිෂ්පාදනය කරන ලද්දේ හම්ප්‍රි ඩේව් විසින් 1807 දීය. ඒ සඳහා ඔහු විලීන සෝඩියම් හයිඩ්රොක්සයිඩ් විද්‍යූත් විච්ඡේදනය කරන ලදී. මෙකල සෝඩියම් ලෝහය නිෂ්පාදනය කිරීමට ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් යොදා ගනු ලැබේ. එනම්,
(1) විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යූත් විච්ඡේදනය කිරීම.
(2) විලීන සොඩියම් හයිඩ්රොක්සයිඩ් විද්‍යූත් විච්ඡේදනය කිරීම.
මෙහි දැක්වෙන්නේ ඩවුන්ස් කෝෂය මගින් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යූත් විච්ඡේදනය කර සෝඩියම් ලෝහය නිපදවන ආකාරයයි.
මේ සදහා යොදා ගන්නා විද්‍යුත් විච්ඡේදන බඳුන වානේ තහඩුවලින් සාදා ඇති අතර ඇතුළත බිත්ති ආවරණය කර ඇත්තේ ගිනි ගොඩක් වලිනි. එහි මැද කාබන් ඇනෝඩයක් ඇති අතර කවාකාර වානේ කැතෝඩයක් කාබන් ඇනෝඩය වටා පිහිටා ඇත. ඇනෝඩය කාබන්වලින් සාදා ඇත්තේ විද්‍යුත් විච්ඡේදනයේ දී සෑදෙන ක්ලෝරින් වලින් ඊට හානියක් නොවීමටය. ඇනෝඩය සහ කැතෝඩය ඝනකම් කවාකාර කම්බි දැලකින් වෙන්ව පවතී. එවිට නිපදවෙන සෝඩියම් ලෝහය සමඟ ක්ලෝරින් ප්‍රතික්‍රියා නොකරයි.
විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යූත් විච්ඡේදනය කිරීමේ දී ඊට සුළු වශයෙන් කැල්සියම් ක්ලෝරයිඩ් මිශ්‍රකර ගත් විට සෝඩියම් ක්ලෝරයිඩ් විලීන වන උෂ්ණත්වය 600C දක්වා පහත දැමිය හැකිය. මෙමගින් නිෂ්පාදන වියදම් අඩු කර ගැනීමට හැකිවේ. විද්‍යුත් විච්ඡේදනය සිදු වන විට කැතෝඩය සහ ඇනෝඩය අසල සිදුවන ක්‍රියා පහතින් දක්වා ඇත.
විලීන ද්‍රාවණය තුළ අඩංගු සෝඩියම් ක්ලෝරයිඩ් පහත සමීකරණයේ දැක්වෙන අන්දමට නිදහසේ චලනය විය හැකි අයනවලට වෙන් වේ.
කැතෝඩය අසල සිදුවන ක්‍රියාව
කැතෝඩය වෙතින් ආරෝපිත සෝඩියම් අයන ඉලෙක්ට්‍රෝන ලබා එම අයන සෝඩියම් පරමාණු බවට පත් වේ.
මෙම සෝඩියම් පරමාණුවලින් සෑදෙන සෝඩියම් පවතින්නේ ද්‍රව සෝඩියම් ලෙසටය. සෝඩියම්වල ද්‍රවාංකය 98C බැවින් ද එහි ඝනත්වය සෝඩියම් ක්ලෝරයිඩ්වලට වඩා අඩු බැවින් ද එය විලීන ද්‍රව්‍ය මත පාවේ.
ඇනෝඩය අසල සිදුවන ක්‍රියාව
ඇනෝඩය අසල දී ක්ලෝරයිඩ් අයන වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වී ක්ලෝරින් පරමාණු සෑදේ. එම පරමාණු යුගලයකින් ක්ලෝරින් අණුවක් සෑදේ.