ලෝපස් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට පෙර පසු කළ යුතු අදියර ගණනාවකි. ලෝපස් යොදා ලෝහ නිෂ්පාදනය කිරීමේ දී එහි අඩංගු විවිධ අපද්‍රව්‍ය ඉවත් කර ලෝපස් පිරිසිදු කර ගත යුතු වේ. මේ සඳහා ලෝපස් වර්ගය අනුව විවිධ ක්‍රම යොදා ගනු ලැබේ. එහි අඩංගු ප්‍රධාන පියවරවල් කිහිපයක් මෙසේය.
1) ලෝපස් සාන්ද්‍ර කර ගැනීම : මෙම ක්‍රියාවේ දී බලාපොරොත්තු වන්නේ ලෝපස්වල අඩංගු විවිධ අපද්‍රව්‍ය වෙන් කිරීම, වේගවත් දිය පහරකින් සේදීම, අඩංගු ද්‍රව්‍ය පාවීමට සැලැස්වීම වැනි ක්‍රම අඩංගු වේ. සමහර ලෝපස් වර්ග චුම්භකවලට ඇදී එන අතර සමහර අවස්ථාවල දී චුම්භකවලට ඇදී එන අපද්‍රව්‍ය තිබේ. ඒවා චුම්භක මගින් ඉවත් කිරීම සිදු වේ.
ලෝපස් ඝනත්වයෙන් වැඩි අවස්ථාවල දී ඒවා ජලයෙන් සෝදා සැහැල්ලු අපද්‍රව්‍ය ඉවත් වීමට හරිනු ලැබේ. එසේම සමහර විට අදාළ ඛනිජය පාවීමට හැර එහි අඩංගු අපද්‍රව්‍ය වලින් ලෝපස් වෙන්කර ගනු ලැබේ. පාවීමේ ක්‍රමය විශේෂයෙන් යොදා ගන්නේ සල්ෆයිඩ් අඩංගු ලෝපස්වලටය.
2) ලෝපස් ලෝහ ඔක්සයිඩ් බවට පත්කර ගැනීම : සමහර ලෝපස් කාබනේට් ලෙස පවතී. කාබනේට් ලෝපස් පෝරණුවක් තුළ රෝස් කිරීමෙන් ද පසුව ඒවා අදාළ ලෝහයේ ඔක්සයිඩ් බවට පත්කර ගනු ලැබේ. ඉන්පසු ඌෂ්මක තුළට යොදා ගැනීම කරනු ලැබේ.
3) ලෝහ ඔක්සයිඩයෙන් ලෝහය ලබාගැනීම : බොහෝ ලෝහ ඔක්සයිඩ් වර්ග ලෝහය බවට පත්කර ගන්නේ කාබන් සමඟ රත් කිරීමෙනි. එනමුත් ඔක්සයිඩයක් ලෙස ලබාගන්නා ඇලුමීනියම් ඔක්සයිඩ් විද්‍යූත් විච්ඡේදනය කිරීමෙන් ලෝහය බවට පත්කර ගනු ලැබේ.
4) සෑදූ ලෝහය පිරිසිදු කර ගැනීම : නිෂ්පාදනය කළ බොහෝ ලෝහවල විවිධ අපද්‍රව්‍ය තිබිය හැකිය. තඹ වැනි ලෝහ විද්‍යූත් විච්ඡේදනයෙන් පිරිසිදු කරගනු ලැබේ. මෙයට විද්‍යූත් සෝධනය යැයි කියනු ලැබේ. යකඩ තුළ අඩංගු සමහර අපද්‍රව්‍ය වෙන් කරන්නේ උණු යකඩ තුළින් ඔක්සිජන් බුබුලනය කර අපද්‍රව්‍ය ඔක්සිකරණයට භාජන කිරීමෙනි.
සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් වැනි ලෝහ නිෂ්පාදනයේ දී ඉහත ක්‍රමවලට වඩා තරමක් වෙනස් ක්‍රමයක් යොදා ගනු ලැබේ. මේ සඳහා අදාළ ලෝහයේ විලීන ක්ලෝරයිඩය විද්‍යූත් විච්ඡේදනය කරනු ලැබේ.
පහතින් දක්වා ඇත්තේ විවිධ ලෝහ නිස්සාරණය කිරීම පිළිබඳව වන සාරාංශයකි.