සක්‍රියතාව ශ්‍රේණියට අනුව ලෝහ වර්ග නිස්සාරණය කිරීම
  සක්‍රියතා ශ්‍රේණියට අනුව විවිධ ලෝහ වර්ග නිස්සාරණය කිරීම සඳහා යොදා ගන්නා මූලික ක්‍රම පිළිබඳව සරල සටහනක් පහතින් දැක්වේ. 
 

ලෝහය

ලෝහය නිස්සාකරණය කරන ක්‍රමය



 

     පහළට යත්ම
   සක්‍රියතාව අඩුවේ

 පොටෑසියම්
 සෝඩියම්
 කැල්සියම්
 මැග්නීසියම්
 ඇලුමීනියම්
 
විලීන කරන ලද පිරිසිදු ලෝහ සංයෝග සෝඩියම් විද්‍යූත් විච්ඡේදන කිරීම මගින් මෙම ලෝහ වර්ගය නිෂ්පාදනය කරනු ලැබේ. මෙම ලෝහ කාණ්ඩයේ ස්‍ක්‍රියතාව ඉතා වැඩි බැවින් සංයෝගවලින් ලෝහය වෙන් කර ගැනීමට අවශ්‍ය වන පිරිවැය ද වැඩිය.


 සින්ක්
 අයන්
 ටින්
 ලෙඩි
 

ලෝහ ඔක්සයිඩය කාබන් සමඟ මිශ්‍රකර රත් කර අදාළ ලෝහය වෙන් කරගනු ලැබේ. (මෙහිදී සල්ෆයිඩ් ලෝපස් වාතයේ දී රත්කර ඔක්සයිඩ් බවට පත්කර ගනු ලැබේ.) මෙම ලෝහ කාණ්ඩය මධ්‍යස්ථ සක්‍රියතාවයක් ඇති ලෝහ වේ.

 කොපර්
 මර්කරි
 සිල්වර්
 ගෝල්ඩ්
 ප්ලැටිනම්
 

මෙම ලෝහ සමහරක් පොළොව මත ස්වභාවිකව හමුවේ. සමහර සංයෝග තාප ක්‍රම යොදා වියෝජනය කල හැකි ලෝහ සංයෝග ලෙස ඇත. මෙම ලෝහ වර්ග ඉතා අඩු සක්‍රියතාවක් ඇති ලෝහ වර්ග වේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017