හත්වන පිටුව
 

කියතත් තරඟ බස්‌ මට උඹ බොලන්නේ
බලතත් හවඬි දඟ පැදුරට පුරන්නේ
ගෙත්තන් පාන අන්දමකට පුරන්නේ
රත්මල් පොහොට්‌ටුව නැන්දේ බලන්නේ

චන්ද්‍ර මඩල උඩ ගුවනේ තියෙන්නේ
මන්ත්‍රිකාමි මද යුදයට ලොබින්නේ
සුන්ද්‍ර වඩන සිව්පාවෝ බොලන්නේ
ඒවා බලන්නට ලේලිට වියදුන්නේ

පණ්‌ඩිත කෙනෙකි සිව්පාවෙකි මම වියනා
මිතුරු කෙනෙකි කුර සතරකි ඉඳ පුරනා
සතුරු කමකි නැත උඹ වෙත මම උරනා
සාවා කන්ට සිවලෙක්‌ නැන්දට වියනා

පා සතරකි කුර අටකුත් ඉඳ වියනා
තෙද බල කුරකි පෙති ගෝමර වට දිලෙනා
සිරස උඩින් අන්දළු දෙකකුත් වියනා
මුවා රුවැති ලේලිට පෙනුමට වියනා

පය සතරකි නියපොතු විස්‌සක්‌ පුරනා
රකුසු මූණ ජයවට රැවුලක්‌ වියනා
වල්ග සුනෙර පෙති ගෝමර වට දිලෙනා
මුවා කන්න දිවියෙකු නැන්දට වියනා

සිනා කුලුණු ගුණයෙන් නුඹ බලන්නේ
ඉනා වළඟ සොඳ දස අත පිඹින්නේ
ගොනා රන් දාඑසෙ දළදෙක දිලෙන්නේ
ඇතා බලන්නට ලේලිට වියදුන්නේ

හිමයට උන් අදිපති කරමින් වැසෙනා
සැම සත්හට උතුමෙක්‌ රජකම් කරනා
මූදු ජලට පැන පීනා ගොඩනගිනා
ඇතා කන්න සිහරජ නැන්දට වියනා

(c) Shilpa Sayura Foundation 2006-2017