සක්‍රියතාව ඉතා අඩු ලෝහ වර්ග වන රන්, රිදී, ප්ලැටිනම්, තඹ වැනි ලෝහ නිසසාරණය කිරීම ඉතා පහසු ය. බොහෝ විට රන් සහ ප්ලැටිනම් නිසේ තත්ත්වයෙන් පෘථිවිය මත හමු වේ. එබැවින් මෑත ඉතිහාසයේ රන් ඉල්ලම් හමු වූ දුෂ්කර ප්‍රදේශ වෙත අතිමහත් වේගයකින් වාසනාව සොයා රන් ලබාගැනීමට මහා ජන ප්‍රවාහ ඇදී ගිය අවස්ථා වේ. ශ්‍රී ලංකාවේ රත්රන් නිධි නොමැති වුවද සමහර ප්‍රදේශවල ඉතා සුළු ප්‍රමාණවලින් රත්රන් හමුවේ. බොහෝ විට ගැරීමේ ක්‍රමයට මෙසේ රන් වෙන් කර ගන්නා. අය සමහර ප්‍රදේශවල ඉතා කලාතුරකින් සිටී.
සමහර ලෝහ වර්ග තරමක් දුරට සක්‍රිය වේ. උදාහරණ :- යකඩ, ටින්, සින්ක්, එම ලෝහ අඩංගු ලෝපස් වෙනකර කාබන් යොදා දහනය කර ලෝහය වෙන්කර ගැනීම කරනු ලැබේ. වර්තමානයේ මෙවැනි ලෝහ වර්ග නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නේ "ධාරා ඌෂ්මක" නම් උදුන් විශේෂයයි. එනමුත් අතීතයේ දී මෙම ලෝහ නිෂ්පාදනය කරන ලද්දේ කුඩා පරිමාණයේ උදුන්වලිනි. එම උදුන්වලට ලෝහ සංයෝග සහ අඟුරු යොදා ඊට මයිනහම නැමැති උපකරණයෙන් වේගවත් වායු ධාරාවක් එල්ල කරනු ලැබේ. එවිට ලැබෙන ඉහළ උෂ්ණත්වය නිසා ලෝහ සංයෝග කාබන් හා ප්‍රතික්‍රියා කර වියෝජනය වී ලෝහය වෙන් වේ.
ලෝහ සංයෝග අතරින් සක්‍රියතා ශ්‍රේණියේ ඇලුමීනියම් සහ ඊට ඉහළින් ඇති ලෝහ වෙන් කර ගැනීමට තාජස ක්‍රම යොදා ගැනීම ඉතා අසීරුය. ඒ සඳහා වඩා සාර්ථක සහ ලාභදායක ක්‍රමය වන්නේ විද්‍යූත් විච්ඡේදනය කිරීමයි. ඒ සඳහා අදාළ ලෝහයේ ඔක්සයිඩ්, ක්ලෝරයිඩ් වැනි සංයෝග රත්කොට විලීන කර විද්‍යූත් විච්ඡේදනය කරනු ලැබේ.