මිනිසා සහ ලෝහ
 

දුරාතීතයේ වනචාරි දිවියක් ගෙවූ මිනිසුන් එ‍ඩේර යුගය පසුකර ගොවි යුගය වෙතට පැමිණි බව ඉතිහාසය පෙන්වා දෙයි.

වර්තමානයේ ජීවත්වන මිනිසාට විද්‍යාව හා තාක්ෂණවේදය ඔස්සේ ලබාගත් මහඟු ප්‍රතිඵල නිසා භෞතික ව ඉහළ ජීවන

මට්ටමකට පැමිණීමට හැකිව තිබේ.

මෙවන් දියුණු මානව ශිෂ්ඨාචාරයක් වෙත පිය නැගීමට ලෝහ වර්ග නොමැතිව කිසිවිටෙකත් මිනිසාට නොහැකිවනු ඇත. ලෝකයේ අඩංගු සියළුම ලෝහ වර්ග නොමැතිව ගියහොත් මිනිසුන්ට ගත කිරීමට සිදුවන ජීවිතය ගැන මොහොතකට සිතන්න. අනිවාර්යයෙන් ම නැවත මිනිසුන්ට අතීතයේ පැවති ගල් යුගය කරා ආපසු පිය නැඟීමට සිදුවනු ඇත. එබැවින් මානව ශිෂ්ඨාචාරයේ දී ලෝහවලට හිමි වන්නේ අද්විතීය සථානයකි.

ලෝහ පිළිබඳව පහතින් දී ඇති 9.1 වගුව දෙස බලන්න. එහි දක්වා ඇත්තේ පෘථිවි පෘෂ්ඨය මත හමුවන විවිධ ලෝහ වර්ගවල ප්‍රතිශතයක්, මිනිසා විසින් එම ලෝහ වර්ග පිළිබඳව දැන හඳුනාගෙන සිටි කාල සීමාවනුත් ය. ඔබට එම වගුව පිළිබඳව සිතිය හැක්කේ කුමක්ද? සක්‍රියතා ශ්‍රේණියත් මෙම වගුවත් අතර කිසියම් සම්බන්ධතාවක් තිබේ ද යන්න සිතා බලන්න.

9.1 වගුව අනුව පෘථිවි පෘෂ්ඨය මත අඩු ප්‍රතිශතයක් ඇති රත්රන්, රිදී, තඹ, ඊයම්, ටින් වැනි ලෝහ පිළිබඳ ව ඉතිහාසයේ දීර්ඝ කාලයක සිට මිනිසා දැන සිට ඇත. එනමුත් පෘථිවි පෘෂ්ඨයේ බහුලව හමුවන ඇලුමීනියම්, සෝඩියම්, කැල්සියම් වැනි රසායනිකව සක්‍රියතාව වැඩි ලෝහ පිළිබඳ ව මිනිසා දැනගෙන සිටි කාලය දැනට අවුරුදු 200ක් තරම් කෙටිය. මෙම ලෝහවල සක්‍රියතාව ඉතා වැඩි බැවින් ඒවා ස්වභාවිකව පවතින්නේ ලෝහ වශයෙන් නොව ලෝහ අඩංගු සංයෝග ලෙසටය. එසේම එම සංයෝගවලින් ලෝහය වෙන් කර ගත හැකි වන්නේ විද්‍යූත් විච්ඡේදන ක්‍රමවලිනි. මිනිසා ධාරා විද්‍යූතය පිළිබඳව දැන ගත්තේ දැනට අවුරුදු 200ක පමණ කාලයක් තුළ දී ය. එම සක්‍රිය ලෝහ නිෂ්පාදනය කිරීමේ ඉතිහාසය ද ධාරා විද්‍යූතයේ ඉතිහාසයට සමාන්තරව සිදු විය.

එනමුත් සක්‍රියතාව අඩු රන්, රිදී, ප්ලැටිනම් වැනි ලෝහ ස්වභාවයේ කැටිති, කුඩු, සුනු වශයෙන් පවතී. සමහර කැටිති අතින් අහුලා ගැනීමට තරම් වන ප්‍රමාණයේ ඒවාය. එසේම තඹ, මර්කරි, වැනි ලෝහ අඩංගු සංයෝග තාපය යොදා පහසුවෙන් වියෝජනය කළ හැකිය. එබැවින් සක්‍රියතාව අඩු ලෝහ පිළිබඳව ඇති දැනුම දුරාතීතයේ සිටම පැවතින. මේ අනුව බැලූ විට මිනිසා ලෝහ ගැන දැන ගත්තේ සක්‍රියතාව අඩු ලෝහවල සිට සක්‍රියතාව වැඩි ලෝහ තෙක් බව ඔබට පෙනෙනු ඇත. මිනිසාගේ ලෝහ පිළිබඳ දැනුමේ ඉතාහාසය සක්‍රියතා ශ්‍රේණියේ සක්‍රියතාව අඩු පැත්තේ සිට වැඩි පැත්ත කරා දිව යන ඉතිහාසයකි.

ඉහත ක්‍රියාකාරකම් කළ විට අඟුරු කුටිය තුළ ලෙඩි ලෝහය ඇති වී තිබෙන අන්දම ඔබට නිරීක්ෂණය කළ හැකි වේ. ඔබ ලබා ගත් ලෙඩි කැබැල්ල මුලින් යොදා ගත් ලෙඩි කැබැල්ල සමඟ සසඳා බලන්න. මෙලෙස ස්වභාවයේ පවතින සමහර ලෝහ සංයෝගවලින් තාපය යොදා පහසුවෙන් ලෝහය වෙන්කර ගත හැකි අවස්ථා වේ. එසේ කළ හැකි වන්නේ සක්‍රියතාව අඩු ලෝහ හෝ මධ්‍ය සක්‍රියතාවක් ඇති ලෝහ සංයෝගවලින් පමණකි. තාපය උපයෝගි කර ලෝහ වෙන්කර ගන්නා මෙම ක්‍රමයට තාජස ක්‍රමය මගින් ලෝහ නිස්සාරණය කිරීම යැයි කියනු ලැබේ. එසේම තාජස ක්‍රම ඔස්සේ නිස්සාරණය කළ නොහැකි ලෝහ වර්ගද ඇත. එබැවින් ලෝහ වර්ග නිස්සාරණය කිරීමේ ක්‍රම පිළිබඳ ව විධිමත්ව විමසා බලමු.

(c) Shilpa Sayura Foundation 2006-2017