වඩා සක්‍රිය ලෝහයේ සිට ලෝහවල ප්‍රතික්‍රියතාවේ අවරෝහණ පිළිවෙළට පෙළ ගැස්වීමෙන් ලැබෙන ලෝහ ශ්‍රේණිය සක්‍රියතා ශ්‍රේණිය ලෙස හඳුන්වනු ලැබේ. මෙතෙක් ඔබ ගවේෂණය කළ ලෝහවලට අමතරව සක්‍රියතාව අනුව එම ශ්‍රේණියට එකතු කළ හැකි සුලභ ලෝහ ද අඩංගු කර එම ශ්‍රේණිය පහත දැක්වෙන අයුරින් දැක්වීමට පුළුවන.
පොටෑසියම් K
සෝඩියම් Na
ලිතියම් Li
තැල්සියම් Ca
මැග්නීසියම් Mg
ඇලුමීනියම් Al
සින්ක් Zn
අයන් Fe
ටින් Sn
ලෙඩි Pb
කොපර් Cu
මර්කරි (රසදිය) Hg
සිල්වර් (රිදී) Ag
ගෝල්ඩ් (රත්රන්) Au
ප්ලැටිනම් Pt
මේ අනුව පොටෑසියම් ඉතා සක්‍රිය ලෝහයක් වන අතර ප්ලැටිනම් රසායනික සක්‍රියතාව ඉතා අඩු ලෝහයකි.