තනුක අම්ල සමග ලෝහවල ක්‍රියාව
 

විද්‍යාගාරයේ ඇති සුලබ අම්ල වර්ග අතරින් තනුක හයිඩ්රොක්ලෝරින් අම්ලය ද තනුක සල්පියුරික් අම්ලය ද, බොහෝ ලෝහ සමඟ ප්‍රතික්‍රියා කර අදාළ ලෝහයේ ලවණයත් හයිඩ්රජන් වායුවත් ලබාදෙයි. හයිඩ්රොක්ලෝරින් අම්ලය මගින් ක්ලෝරයිඩ් ලවණ ලබා දෙන අතර සල්පියුරික් අම්ලය මගින් සල්පේට් ලවණ ලබා දෙයි. මෙහි දී ද සමහර ලෝහ වැඩි වේගයකින් ප්‍රතික්‍රියා කරන අතර සමහර ලෝහ අඩු වේගයකින් ප්‍රතික්‍රියා කරයි. මෙය එක්වරම බලා ගැනීමට මීට පෙර සිදු කළ ප්‍රතික්‍රියාවලට අමතරව පහත ප්‍රතික්‍රියාව චඩා උචිත වන්නේ එමඟින් එක්වරම ලෝහ වර්ගවල ප්‍රතික්‍රියාශීලි බව සැසඳිය හැකි වන නිසාය.

8.5 ප්‍රතික්‍රියතාව වැඩි ලෝහයක් මගින් ප්‍රතික්‍රියතාව අඩු ලෝහයක ජලීය අයන අඩංගු ද්‍රාවණයකින් එම ප්‍රතික්‍රියතාව අඩු ලෝහය විස්ථාපනය කළ හැකි වේ.

අයන් (යකඩ) කොපර් (තඹ) වලට වඩා රසායනිකව ක්‍රියාකාරිත්වයෙන් වැඩි ලෝහයකි. එවැනි ලෝහයක් කොපර් ලවණයක් වන කොපර් සල්පේට් ද්‍රාවණයකට දැමූ විට ඉන් කොපර් ලෝහය විස්ථාපනය වී අයන් සල්පේට් සෑදේ. විස්ථාපනය වන කොපර් ලෝහය පරික්ෂා නළයේ පතුලේ අවක්ෂේප වේ. අදාළ ප්‍රතික්‍රියාව පහත දැක්වේ.

අයන් + කොපර් සල්පේට් - අයන් සල්පේට් + කොපර්
Fe + CuSo4 - FeSo4 + Cu

(c) Shilpa Sayura Foundation 2006-2017