පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් යන ලෝහ වර්ග ජලය සමඟ ප්‍රතික්‍රියා කරයි. එනමුත් මෙම ලෝහ අතරින් ජලය සමග ප්‍රතික්‍රියා කිරීමේ වේගය ඉතා වැඩි ලෝහය වන්නේ පොටෑසියම්ය. මැග්නීසියම් යන්තමින් හෝ ප්‍රතික්‍රියා කරන්නේ උණු ජලය සමග ඉතා සෙමිනි. මෙසේ ප්‍රතික්‍රියා කර අදාළ ලෝහ හයිඩ්රොක්සයිඩය සාදන අතර හයිඩ්රජන් වායුව පිට කරයි. (මෙහිදී පොටෑසියම් ලෝහය කෙළින්ම ඇල් ජලයට එකතු නොකරන්න. එහි ප්‍රතික්‍රියාකාරිත්වය ඉතා වැඩිය.) අදාළ සමීකරණ පහත දැක්වේ.
මැග්නීසියම් ඉතා වේගයෙන් හුමාලය සමඟ ප්‍රතික්‍රියා කරයි. එ සේ ප්‍රතික්‍රියා කර කැකෑරුම් නළය තුළ සුදුපාට මැග්නීසියම් ඔක්සයිඩ් කුඩු සාදයි. පිට වන වායුව වන්නේ හයිඩ්රජන් වායුවයි. එය ලා දැල්ලකින් යුතුව දහනය වේ.
එ සේම හුමාලය සමග මැග්නීසියම්, ඇලුමීනියම්, සින්ක්, අයන් ලෝහ ප්‍රතික්‍රියා කර ලෝහ ඔක්සයිඩයත් හයිඩ්රජන් වායුවත් දෙයි. එනමුත් ඇලුමීනියම්වල සෑදෙන ඔක්සයිඩ් තට්ටුව මගින් ලෝහය ආරක්ෂා කරන නිසා එම ප්‍රතික්‍රියාව දිගින් දිගටම සිදු නොකරයි. සින්ක් සමග හුමාලය ප්‍රතික්‍රියා කරවීම සඳහා එම ලෝහය වැරෙන් රත් කළ යුතු වේ. එ සේම අයන් (යකඩ) හුමාලය සමග ප්‍රතික්‍රියා කරන්නේ ලෝහය රක්ත තප්ත වන තුරු (ගිනියම් වන තුරු) රත් කර ඒ මතින් හුමාලය යැවූ විටය. ඊට අදාළ ප්‍රතික්‍රියා පහත දැක්වේ.
කොපර්, ගෝල්ඩ් (රන්) වැනි ලෝහ කොතරම් තදින් රත් කළ ද හුමාලය සමග ප්‍රතික්‍රියා නොකරයි. මේ අනුව පිරිසිදු ලෝහ මූලද්‍රව්‍ය ජලය සමඟ දක්වන ප්‍රතික්‍රියා අනුව එහි වඩා ක්‍රියාකාරි ලෝහවල සිට ක්‍රියාකාරි බවින් අඩුම ලෝහය දක්වා පෙළ ගැස්විය හැකිය. එවිට එය පහත දැක්වෙන අයුරින් ලිවිය හැකිය.
k>Na>Ca>Mg>Al>Zn>Fe>Cu>Au