වාතයේ අඩංගු ඔක්සිජන් සමඟ බොහෝ ලෝහ වර්ග ප්‍රතික්‍රියා කරයි. ඒ පිළිබඳ සාරාංශයක් පහතින් දැක්වේ.
* පොටෑසියම් ලෝහය කාමරයේ උෂ්ණත්වයේ දී ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර එහි ඔක්සයිඩය සාදයි.
4k + O2 ------- 2k2O
පොටෑසියම් + ඔක්සිජන් ---- පොටෑසියම් ඔක්සයිඩ්
* සෝඩියම් ද කාමරයේ උෂ්ණත්වයේ දී ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර සෝඩියම් ඔක්සයිඩ් සාදයි. එනමුත් එහි ප්‍රතික්‍රියාශීලි බව පොටෑසියම් වලට වඩා අඩු ය.
4Na + O2 -------- 2Na2O
සෝඩියම් + ඔක්සයිඩ් ----- සෝඩියම් ඔක්සයිඩ්
* කැල්සියම් ලෝහය ද කාමරයේ උෂ්ණත්වයේ දී ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර කැල්සියම් ඔක්සයිඩ් සාදයි. එනමුත් ප්‍රතික්‍රියා කිරීමේ වේගය සෝඩියම්වලටත් වඩා ඉතා අඩු ය.
2Ca + O2 ------- 2CaO
කැල්සියම්+ ඔක්සිජන් ----- කැල්සියම් ඔක්සයිඩ්
* මැග්නීසියම් කාමරයේ උෂ්ණත්වයේ දී ප්‍රතික්‍රියා කරන්නේ ඉතා සෙමිනි. එනමුත් මැග්නීසියම් පටියක් රත් කළ විට ඉතා දීප්තිමත් දැල්ලක් දෙමින් ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර සුදුපාට මැග්නීසියම් ඔක්සයිඩ් සාදයි.
2Mg + O2 ------- 2MgO
මැග්නීසියම් + ඔක්සිජන් ----- මැග්නීසියම් ඔක්සයිඩ්
ඇලුමීනියම් ද ඔක්සිජන් සමඟ ක්‍රියාකරන මුත් එවිට සෑදෙන ඇලුමීනියම් ඔක්සයිඩ් තට්ටුව ඉතා තද ය. එවිට එය තුළින් තවදුරටත් ඔක්සිජන් වායුව ලෝහය තුළට ගමන් නොකරයි. (එනමුත් ඔක්සයිඩ් තට්ටුව ඉවත් කර ඉහළ උෂ්ණත්වයක දී දහනය කළ විට ඇලුමීනියම් ද දහනය වේ.)
ඇලුමීනියම් ඔක්සයිඩ් නිසා ඇලුමීනියම් ඔක්සිජන් සමඟ දිගින් දිගට ප්‍රතික්‍රියා කිරීම නවතා දමයි.
4Al +3O2 ------ 2Al2O3
ඇලුමීනියම් + ඔක්සිජන් ----- ඇලුමීනියම් ඔක්සයිඩ්
* සින්ක් ලෝහය ද ඉතා තදින් රත්කළ විට දහනය වී සින්ක් ඔක්සයිඩ් සාදයි. එනමුත් දහනය වීමේ වේගය ඇලුමීනියම් වලට වඩා අඩු ය.
2Zn + O2 --------- 2ZnO
සින්ක් + ඔක්සිජන් ----- සින්ක් ඔක්සයිඩ්
අයන් (යකඩ) වාතය තුළ ඉතා තදින් රත් කළ ද දහනය නොවේ. එනමුත් ලෝහය මත ඔක්සයිඩ් පටලයක් සෑදේ. මෙසේ සෑදෙන්නේ අයන් (ii,iii) ඔක්සයිඩයයි(Fe3O4)
3Fe + 2O2 ---- Fe3O4
අයන් + ඔක්සිජන් ----- අයන් (ii,iii)ඔක්සයිඩ්
* කොපර් ලෝහය වාතය තුළ ඉතා තදින් රත්කළ විට දහනය සිදු නොවී කොපර් ඔක්සයිඩ් සෑදේ. මෙම ක්‍රියාව අයන් වල ක්‍රියාවට වඩා සෙමින් සිදුවන ක්‍රියාවකි.
2Cu + O2 ----- 2CuO
කොපර් + ඔක්සිජන් ----- කොපර් (ii)(ඔක්සයිඩ්)
රත්රන් කොතෙක් රත්කළ ද ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියාවක් නැත. මේ අනුව ලෝහ ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීමට දක්වන ලැදියාව පහත දැක්වෙන අයුරින් අවරෝහණ ක්‍රමයට ලිවිය හැකිය.
k>Na>Ca>Mg>Al>Zn>Fe>Cu>Au