විද්‍යූත් ලෝහාලේපනය සඳහා පහත ද්‍රව්‍ය අඩංගු විය යුතුය.
01. ආලේප කළ යුතු ලෝහයේ ද්‍රව්‍ය ලවණයක් විද්‍යූත් විච්ඡේද්‍ය ලෙස තිබීම.
02. ඇනෝඩය ලෙස යොදා ගැනීම සඳහා ආලේප කළ යුතු ලෝහ ද්‍රව්‍යයෙන් පිරිසිදු කුඩා කොටසක් යොදා ගැනීම.
03. සරල ධාරා ප්‍රභවයක් තිබීම.
04. විද්‍යූත් ලෝහාලේපනය සඳහා යොදා ගන්නා ලවණ ද්‍රාවණ බහාලීමට එම ලවණ ද්‍රාවණ සමඟ ප්‍රතික්‍රියා නොකරන බඳුනක් තිබීම.
ඉහත මූලික ද්‍රව්‍යවලට අමතරව වාණිජ වශයෙන් විශාල පරිමාණයට ලෝහාලේපනය කරන රසායනික මිශ්‍රණ තුළ වෙනත් ද්‍රව්‍ය වර්ග ද අඩංගු වේ. ආලේපනයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සඳහා මෙම ද්‍රව්‍ය උදව් වේ.
(ක්‍රියාකාරකම් 7.9
යකඩ පෘෂ්ඨයක් මත කොපර් ආලේප කිරීම
කුඩා බෙලෙක් තහඩුවක් හෝ කුඩා යකඩ භාණ්ඩයක් ගන්න. එහි පෘෂ්ඨය වැලි කඩදාසි වලින් හොඳින් පිරිසිදු කර ගන්න. ඉන්පසු 7.15 රූපයේ ලෙස කොපර් සල්පේට් අඩංගු ද්‍රාවණයක් තුළට යකඩ තහඩුව සවිකර ගන්න. මෙහි දී යකඩ තහඩුව වියළි කෝෂයේ සෘණ අග්‍රයට සම්බන්ධ කර ගත යුතු අතර එම යකඩ තහඩුව කැතෝඩය වේ. වියළි කෝෂයේ ධන අග්‍රයට ඇනෝඩය ලෙස තඹ තහඩු කැබැල්ලක් හෝ තඹ කම්බියක් යොදා ගන්න. විද්‍යූතය සපයා මිනිත්තු 10 කින් පමණ පසු කැතෝඩය පරික්ෂා කර බලන්න. කුමක් සිදු වී ඇද්ද?)
ඉහත ක්‍රියාකාරකම කළ විට යකඩ තහඩුව මත කොපර් ලෝහය තැන්පත් වී ඇති ආකාරය ඔබට නිරීක්ෂණය කළ හැකි වනු ඇත. මෙහි දී සිදුවන ක්‍රියාව මෙසේ දැක්වීමට පුළුවන.
කොපර් සල්පේට් ද්‍රාවණය තුළ Cu3 අයන සහ SO අයන අඩංගුවේ.
කැතෝඩය මත සිදුවන ක්‍රියාව
ද්‍රාවණය තුළ අඩංගු අයන යකඩ කෙතෝඩයෙන් ඉලෙක්ට්‍රෝන ලබා තඹ පරමාණු බවට පත්වෙයි. එම තඹ පරමාණු කැතෝඩය ලෙස යොදා ඇති යකඩ තහඩුව මත තැන්පත් වේ.
ඇනෝඩය මත සිදුවන ක්‍රියාව
ද්‍රාවණයෙන් කැතෝඩය හමුවේ දී ඉවත් වන සෑම කොපර් අයනයක් පාසාම ඇනෝඩයෙන් ඝන කොපර් පරමාණුවක් කොපර් අයනයක් වී ද්‍රාවණය වෙතට ගමන් කරයි. මෙලෙස ද්‍රාවණයේ ඇති කොපර් අයන කැතෝඩය මත කොපර් පරමාණු ලෙස තැන්පත් වන විට ඇනෝඩයෙන් කොපර් පරමාණු කොපර් අයන බවට පත් වී ද්‍රාවණ ගත වේ. එබැවින් ද්‍රාවණයේ කොපර් අයන ප්‍රමාණය නොවෙනස්ව පවතී. එසේම ඇනෝඩය ක්‍රමයෙන් ස්කන්ධයෙන් අඩු වේ.
Cu - 2e --- Cu2+
ඇනෝඩයේ ද්‍රාවණයේ කොපර්
ඝන කොපර් පරමාණු අයන
ඇනෝඩයෙන් ඉවත් වන ඉලෙක්ට්‍රෝන වියළි කෝෂයේ ධන අග්‍රය වෙත ගමන් කරයි. මෙලෙස කැතෝඩය මත යොදා ඇති යකඩ තහඩුව මත කොපර් ලෝහය තැන්පත් වේ.
මෙම ක්‍රියාවේදී සිදු වූ වෙනස්කම් පහත දැක්වේ.
* කැතෝඩය ලෙස යොදා ඇති යකඩ තහඩුව මත කොපර් ලෝහ පටලයක් තැන්පත් වීම.
* කොපර් ඇනෝඩය සෙමින් දිය වීම.
* ද්‍රාවණයේ ඇති කොපර් අයන යකඩ තහඩුව මත තැන්පත් වීම.
* කොපර් තහඩුවේ ඇති කොපර් අයන බවට පත් වී ද්‍රාවණය වෙත යාම.
* මෙහිදී ද්‍රාවණයේ ඉවත්වන කොපර් අයන ප්‍රමාණයට සමානව ද්‍රාවණය වෙත කොපර් අයන් ගමන් ගන්නා බැවින් ද්‍රාවණයේ වර්ණය නොවෙනස්ව පැවතීම.
(පැවරුම 7.3
කොපර් ආලේප කිරීමේදී ඇනෝඩයේ ස්කන්ධය අඩු වීමත්, කැතෝඩයේ ස්කන්ධය වැඩි වීමත් පරික්ෂා කරන්න.
විද්‍යූත් විච්ඡේදනයට පෙර ඇතෝඩයේ ද ස්කන්ධය සියුම් තරාදියක් මගින් නිවැරදිව කිරා ගන්න. පැයක පමණ කාලයක් පුරා විද්‍යුත් ලෝහාලේපණය කරන්න. ඉන්පසු කැතෝඩය ද ඇනෝඩය ද සෝදා වියළා නැවත ස්කන්ධ කිරා බලන්න. මෙවැනි ක්‍රියාවකදී
ඇනෝඩයේ ස්කන්ධයේ = කැතෝඩයේ ස්කන්ධය වැඩි අඩු වූ ස්කන්ධ ප්‍රමාණය වු ප්‍රමාණය)
![](/sayura/images/logo2.png)