හයවන පිටුව
 

පවතින්නට ලේලියො කොතනත් නැද්ද
දැනගන්නට මතු පවතින ලෙස එද්ද
සිදුවෙන්නට අකුසල් තිබුණොත් කිමද
උරගුන් සමඟ මැඩියෝ පෙම් කෙළියැද්ද

දිසි වත ගුණ සදිසි නැන්දේ අසන්නේ
නිදි මත නෙත් දෙකට කදුළැලි ගලන්නේ
සිරිකත ලේලි සුරතල් බස්‌ කියන්නේ
නිදිමත බෝය පැදුරක්‌ මට දියන්නේ

ඉන් ගන් නොදෙන ඇයි මැසිවිලි කියන්නේ
පන් ගන් බැරි ගෑණු කොහොමද රැකෙන්නේ
ගන් ගන්වල ඇවිද රැකුන ද බොලන්නේ
දෙන්නට පැදුර මම වාලිද කියන්නේ

සුපසන් ලේලිවද පසුවට දැනගන්නේ
විමසන් මතු රැකෙන සැටි මට කියන්නේ
මෙලෙසින් සතුරු කම් ඇයි මට කියන්නේ
වියමන් බලමු අපි දෙන්නගෙ බොලන්නේ

හරස්‌ රටාවෙන් පැදුරක්‌ මම වියනා
ගිරා කොබෙයියෝ පැදුරේ මැද වියනා
පන්නම් කතුර ඇහැ පියවරකින් පුරනා
ලේලිට බලන්නට පැදුරක්‌ මම වියනා

පියුන් රටාවෙන් පැදුරක්‌ මම වියනා
ලැසුවැසි තුඩු ඇති ලේනුන් මැද වියනා
ඉර සඳ ඉසානේ පාමුල ඉඳ කෙලිනා
නැන්දට බලන්නට පැදුරක්‌ මම වියනා

තරඟ කතා ඇයි නුඹ මට කියන්නේ
දෙරණ උණුවෙන්ඩ වියමන් වියන්නේ
සුනුවැල් දඟේ පැදුරේ වට පුරන්නේ
ලනුගැට පොහොට්‌ටුව ලේලිට වියන්නේ

(c) Shilpa Sayura Foundation 2006-2017