විද්‍යූත් ලෝහාලේපනය හඳුනාගනිමු
 

විද්‍යූත් ලෝහාලේපනය යනු විද්‍යූත් විච්ඡේදනය උපයෝගි කර ගනිමින් කිසියම් වස්තුවක් මත ලෝහමය පටලයක් ආලේප කිරීමය.

සාමාන්‍ය තත්ත්වයන්හි දී මෙසේ ආලේප කරන්නේ තුනී ලෝහ පටලයකි.

බහුල වශයෙන් විද්‍යූත් ලෝහාලේපනය කරන්නේ ලෝහමය පෘෂ්ඨයන් මත ය.

එනමුත් අවශ්‍යතාව මත සමහර ප්ලාස්ටික් වර්ග, පිඟන් මැටි භාණ්ඩ, දැව භාණ්ඩ මත වුව ද විද්‍යූත් ලෝහාලේපනය සිදුකරනු ලැබේ. එවැනි අවස්ථාවලදී එවැනි ලෝහමය නොවන පෘෂ්ඨ විද්‍යූතය සන්නායනය කළ හැකි වන සේ පෙර සැකසීමක් කළ යුතු වේ.

එදිනෙදා ජීවිතයේ දී ඔබට විද්‍යූත් ලෝහාලේපනය කළ භාණ්ඩ කොතෙකුත් මුණගැසෙනු ඇත.

ආයුධ කොටස් බොහෝ විට යකඩ හෝ වානේ වැනි ලෝහ වලින් සාදා ඇති අතර ඒවා විඛාදණය වීම වැළැක්වීමට නිකල් සහ ක්‍රොමියම් ආලේප කර තිබේ.

ගැල්වනයිස් සෙවිලි තහඩු යකඩයෙන් සාදා ඇති අතර විඛාදණය වැළැක්වීමට ඒ මත සින්ක් ආලේප කර තිබේ.

ටින් බඳුන් යකඩ ලෝහයෙන් සාදා ඇති අතර ඒ මත විඛාදනය වැළැක්වීමට ටින් ලෝහය ආලේප කර තිබේ. මිල අඩු ලෝහ ආභරණ රන් සහ රිදී මෙන් දිස් වීමට ඒ මත රන් හෝ රිදී ආලේප කරනු ලැබේ.

විද්‍යූත් ලෝහාලේපනය කරන අවස්ථා

* මල බෑඳීමට ඔරොත්තු දීමට.
* බාහිර පෙනුම වැඩි දියුණු කිරීමට.
* භාණ්ඩය සහ බාහිර වටා පිටාව වෙන් කර තබන බාධක පටලයක් ලෙස සකසා ගැනීම.
* ලෝහ පෑස්සීම සඳහා පෘෂ්ඨය මනාව සකසා ගැනීමට.
* හොඳින් විද්‍යූතය සන්නයනය කරන පෘෂ්ඨයක් සකසා ගැනීමට.
* සීරිම්වලට ඔරොත්තු දෙන තද පෘෂ්ඨයක් සකසා ගැනීමට.
* ඉහළ උෂ්ණත්වයට ඔරොත්තු දෙන පෘෂ්ඨයක් සකසා ගැනීමට.
* ප්ලාස්ටික් වැනි අලෝහ ද්‍රව්‍යවලට ලෝහමය පෙනුමක් ලබා දීමට.
* මිල අඩු ස්වර්ණාභරණවලට වටිනා පෙනුමක් ලබා දීමට.

 

(c) Shilpa Sayura Foundation 2006-2017