මෙම ප්‍රතික්‍රියා බොහෝ විට සිදුවන්නේ අයන වර්ග අඩංගු ද්‍රාවණ තුළදී ය. ලවණ ද්‍රාවණ සෑදී ඇත්තේ කිසියම් අයන වර්ග දෙකකිනි. ලවණ තුළ අඩංගු මෙම අයනයන් ගෙන් එක් අයනයක් ධන ලෙස ආරෝපිත අයනයක් වන අතර අනිත් අයනය සෘණ ලෙස ආරෝපිත අයනයකි. එවැනි ද්‍රාවණ තුළට සමහර ලෝහ වර්ග දැමූ විට ලවණ ද්‍රාවණයේ අඩංගු ධන අයනයන් ඉවත් කළ හැකි වේ. එවිට සිදුවන ප්‍රතික්‍රියාව ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාවකි. මෙහිදී විස්ථාපනය වන ද්‍රව්‍ය වායුවක් ලෙස පිට වීම හෝ අවක්ෂේපයක් ලෙස තැන්පත් වීම සිදුවිය හැකිය.
ඉහත ක්‍රියාවේදී පහත සඳහන් සිදු වීම් ඔබට දැකගත හැකි වනු ඇත.
1) මැග්නීසියම් පටිය ක්‍රමයෙන් කුඩා වීම.
2) ද්‍රාවණයේ නිල් පැහැය නැති වීම.
3) ද්‍රාවණය පතුලේ තඹ කුඩු එකතු වීම.
මෙහිදී සිදු වී ඇත්තේ ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාවකි. මෙහිදී කොපර් සල්පේට්වල අඩංගු කොපර් විස්ථාපනය වී මැග්නීසියම් සල්පේට් සෑදේ.
Mg + CuSO4 ---- MgSO4 + Cu
මැග්නීසියම් + කොපර්සල්පේට් --- මැග්නීසියම් + කොපර් සල්පේට්
ඉහත ප්‍රතික්‍රියාවේ දී සින්ක් ලෝහය තනුක සල්පියුරික් අම්ලය සමඟ ප්‍රතික්‍රියා කර සින්ක් සල්පේට් සහ හයිඩ්රජන් වායුව සාදයි. එය ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාවක්ය.
ඉහත ක්‍රියාවේදී ද්‍රාවණයේ පහත ඇති කාබන් ටෙට්රා ක්ලෝරයිඩ් තට්ටුව දම් පැහැ ගැන් වී පවතිනු ඇත. මීට හේතුව වන්නේ පෝටෑසියම් අයඩයිඩ් සමඟ ක්ලෝරින් ප්‍රතික්‍රියා කර සිදු වූ ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාවයි. එය පහත දැක්වෙන අන්දමට දැක්විය හැකිය.
2kl + Cl2 --- 2kCl + l2
පොටෑසියම් + ක්ලෝරින් --- පොටෑසියම් + අයඩින්
අයඩයිඩ් ක්ලෝරයිඩ්
මෙම ප්‍රතික්‍රියාවේ දී විස්ථාපනය වූ අයඩින් කාබන් ටෙට්රා ක්ලොරයිඩ් තුළ දිය වීම නිසා එය දම් පැහැයට පත්විය.
6.5.4 ද්විත්ව ප්‍රතිස්ථාපනය
ද්‍රාවණ දෙකක් ප්‍රතික්‍රියා කරන විට එම ද්‍රාවණවල අඩංගු ඛණ්ඩක හුවමාරු කර ගනිමින් සිදුවන ප්‍රතික්‍රියා ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වනු ලැබේ.
මෙවැනි ප්‍රතික්‍රියාවකදී සෑදෙන එක් ද්‍රව්‍යයක් අද්‍රාව්‍ය නම් එය ද්‍රාවණය තුළ අවක්ෂේප වීම සිදුවේ. සෑදෙන ද්‍රාවණ දෙකම ද්‍රාව්‍ය නම් ඉන් එක් ද්‍රව්‍යයක් වන්නේ ලවණයකි. අනිත් ද්‍රව්‍යය ජලයයි. අම්ල සහ භෂ්ම අතර සිදුවන ප්‍රතික්‍රියා මෙලෙස සිදුවේ.
ඉහත ක්‍රියාවේදී සුදු පාට අවක්ෂේපයක් ඇති වන අන්දම ඔබට දැක ගැනීමට හැකි වනු ඇත. මීට හේතු වන්නේ එම ද්‍රාවණ දෙක අතර සිදු වූ ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාවයි. එය පහත ආකාරයට දැක්වීමට පුළුවන.
2NaCl + Pb(NO3)2 ---- 2NaNo3 + PbCl2
සෝඩියම් + ලෙඩි ---- සෝඩියම් + ලෙඩි ක්ලෝරයිඩ්
ක්ලෝරයිඩ් නයිට්රේට් නයිට්රේට් අවක්ෂේපය