වියෝජන ප්‍රතික්‍රියා
 

රසායනික වියෝජන ප්‍රතික්‍රියාවකදී කිසියම් රසායනික සංයෝගයක් තවත් ද්‍රව්‍ය දෙකකට හෝ කිහිපයකට බිඳ වැටේ. මේ සම්බන්ධ ප්‍රතික්‍රියා දෙකක් විමසා බලමු.

ඉහත අවස්ථා දෙකේ දී ම පුළිගු කූර වේගයෙන් දැල්වෙනු ඇත. ඊට හේතු වන්නේ එම ද්‍රව්‍ය වියෝජනය වී සෑදෙන එක් ඵලයක් වන ඔක්සිජන් නිසාය. ඉහත වියෝජන ප්‍රතික්‍රියා පහත දැක්වෙන අයුරින් දැක්වීමට පුළුවන.

වියෝජන ප්‍රතික්‍රියා සිදුවීමේ රටා කිහිපයක් තිබේ. සෑදෙන ඵල මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් වීමට පුළුවන. එසේත් නැත්නම් මූලද්‍රව්‍ය හෝ සංයෝග වීමට පුළුවන. එසේත් නැතිනම් සංයෝග කිහිපයක් වීමට පුළුවන.

සංයෝගයක් මූලද්‍රව්‍යවලට වියෝජනය වීම.

ජලය වියෝජනය වීම.
2H2O --- 2H2 + O2
ජලය --- හයිඩ්රජන් + ඔක්සිජන්

(මෙම ක්‍රියාව සිදුවන්නේ ජලය විද්‍යූත් විච්ඡේදනය කළ විටය.)

කොපර් ඔක්සයිඩ් වියෝජනය වීම
2CuO ---- 2Cu + O2
කොපර් ඔක්සයිඩ් ---- කොපර් + ඔක්සිජන්

සංයෝගයක් මූලද්‍රව්‍යයකට සහ තවත් සංයෝගයකට වියෝජනය වීම

හයිඩ්රජන් පොරොක්සයිඩ් වියෝජනය වීම.

(c) Shilpa Sayura Foundation 2006-2017