(කුඩා මැග්නීසිම් පටි කැබැල්ලක් ගන්න. එහි පිටත ඇති ප්‍රතිවිඛාදක තීන්ත තට්ටුව සූරා ඉවත් කරන්න. ඉන්පසු එය කෘසිබල් අඬුවකින් අල්ලා දාහකයක දැල්ලකට යොමු කර දහනය කරන්න. කුමක් සිදුවේද? තදින් තාපය සහ ආලෝකය පිටකර සුදුපාට මැග්නීසියම් ඔක්සයිඩ් කුඩු සෑදෙන අන්දම දැක ගැනීමට පුළුවන. මෙය මූලද්‍රව්‍ය අතර සිදුවන සංයෝජන ප්‍රතික්‍රියාවකි.)
මෙහි දී සිදු වී ඇත්තේ මූලද්‍රව්‍යයන් දෙකක් වන මැග්නීසියම් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියාකර මැග්නීසියම් ඔක්සයිඩ් සෑදීම ය. එය පහත දැක්වෙන අන්දමට සමීකරණයකින් දැක්වීමට පුළුවන.
2Mg + O2 ---- 2MgO
මැග්නීසියම් + ඔක්සිජන් --- මැග්නීසියම් ඔක්සයිඩ්
මෙවැනි තවත් සරල සංයෝජන ප්‍රතික්‍රියා කිහිපයක් විමසා බලමු. කාබන් ඔක්සිජන් තුළ දහනය වූ විට කාබන්ඩයොක්සයිඩ් වායුව සෑදේ.
C + O2 --- CO2
කාබන් + ඔක්සිජන් --- කාබන්ඩයොක්සයිඩ්
සෝඩියම් ලෝහය ක්ලෝරින් වායුව තුළ දහනය වී සෝඩියම් ක්ලෝරයිඩ් සෑදේ.
2Na + Cl2 --- 2NaCl
සෝඩියම් + ක්ලෝරින් ---- සෝඩියම් ක්ලෝරයිඩ්
අයන් සල්ෆ තුළ දහනය වී අයන් සල්ෆයිඩ් සෑදේ.
Fe + 8 ---- FeS
අයන් + සල්ෆ --- අයන් සල්ෆයිඩ්
නයිට්රජන් හයිඩ්රජන් සමග ප්‍රතික්‍රියාකර ඇමෝනියා වායුව සෑදේ.
N2 + 3H2 --- 2NH3
නයිට්රජන් + හයිඩ්රජන් --- ඇමෝනියා
මූලද්‍රව්‍යයක් සහ සංයෝගයක් අතර සිදුවන සංයෝජන ප්‍රතික්‍රියා
සල්ෆඩයොක්සයිඩ් වායුව සමග ඔක්සිජන් ක්‍රියාකර සල්ෆ ට්‍රයොක්සයිඩ් වායුව සෑදේ.
2SO2 + O2 --- 2SO3
සල්ෆර්ඩයොක්සයිඩ් + ඔක්සිජන් --- සල්ෆර් ට්‍රයොක්සයිඩ්
කාබන් මොනොක්සයිඩ් වායුව ඔක්සිජන්හි දහනය වී කාබන්ඩයොක්සයිඩ් වායුව සෑදේ.
2CO + O2 --- 2CO2
කාබන් + ඔක්සිජන් ---- කාබන් ඩයොක්සයිඩ් මොනොක්සයිඩ්
සංයෝග සහ සංයෝග අතර සිදුවන සංයෝජන ප්‍රතික්‍රියා
කැල්සියම් ඔක්සයිඩ්, ජලය සමග ප්‍රතික්‍රියාකර කැල්සියම් හයිඩ්රොක්සයිඩ් සෑදේ.
CaO + H2O --- Ca(HO)2
කැල්සියම් + ජලය ---- කැල්සියම් හයිඩ්රොක්සයිඩ් ඔක්සයිඩ්
ඇමෝනියා වායුවත් හයිඩ්රජන් වායුවත් ප්‍රතික්‍රියාකර ඇමෝනියම් ක්ලෝරයිඩ් සෑදේ.
NH3 + HCl --- NH4Cl
ඇමෝනියා + හයිඩ්රජන් ---- ඇමෝනියා ක්ලෝරයිඩ් ක්ලෝරයිඩ්