භෞතික වෙනස් වීම් සහ රසායනික වෙනස් වීම් පිළිබඳව තවදුරටත් දැනුම තහවුරු කර ගැනීමට පහත ක්‍රියාව සිදු කර බලන්න.
එම මිශ්‍රණයට චුම්භකයක් සමීප කළ විට පහසුවෙන් සල්ෆ සහ යකඩ කුඩු යන ද්‍රව්‍ය දෙක වෙන් කර ගැනීමට පුළුවන.
එනමුත් යකඩ කුඩු සහ සල්ෆ කුඩු පරික්ෂණ නලය තුළ රත් කළ විට තාපය පිට කරමින් තද රතුපාට වර්ණයකින් යුතුව රසායනිකව ප්‍රතික්‍රියා කරයි. එවිට සෑදුන ද්‍රව්‍ය චුම්බකයක් වෙතට ඇදී නොයයි. එසේම සෑදුන ඵලයෙන් නැවත යකඩ හෝ ගෙන්දගම් ලබාගත නොහැකිය. මෙහි දී සිදු වී ඇත්තේ යකඩ සහ ගෙන්දගම් රසායනිකව එකතු වී කළු පාට අයන් සල්පයිඩ් නම් රසායනික ද්‍රව්‍ය බවට පත්වීම ය. එය සල්ෆවලටත් වඩා ඉඳුරාම වෙනස් රසායනික ද්‍රව්‍යයකි. මෙම අවස්ථාවේ දී සිදු වී ඇත්තේ රසායනික වෙනස් වීමකි. මෙහි දී සිදුවන ක්‍රියාවට රසායනික ප්‍රතික්‍රියාවන් යැයි කියනු ලැබේ. 6.3 රසායනික ප්‍රතික්‍රියාවක් සමීකරණයක් මගින් දැක්වීම
මේ වන විට ඔබ රසායනික වෙනස් වීමක් නිසා නව ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කිහිපයක් සෑදෙන බව දැන ගෙන ඇත. මෙසේ සිදු වන ප්‍රතික්‍රියා පහසුවෙන් ලියා දැක්විය හැකි නම් එහි ප්‍රයෝජන ගණනාවක් තිබේ. මෙය කළ හැකි එක් ආකාරයක් වන්නේ අදාළ රසායනික ප්‍රතික්‍රියාව වචනයෙන් ලියා දැක්වීමය. ඒ අනුව අයන් සහ සල්ෆ අතර ක්‍රියාව පහත දක්වා ඇති අයුරින් දැක්වීමට පුළුවන.
සල්ෆ + අයන් --- අයන් සල්ෆයිඩ්
එසේ ම විද්‍යාගාරය තුළ දී මැග්නීසියම් ලෝහය ඔක්සිජන් හි දහනය කළ අවස්ථාවක් මතකයට ගන්න. එහි දී මැග්නීසියම් පටිය දීප්තිමත් ආලෝකයක් සහ තාපය පිටකරමින් දහනය වී සුදුපාට මැග්නීසියම් ඔක්සයිඩ් කුඩු සෑදේ. එය ද රසායනික වෙනස් වීමකි. එම ක්‍රියාව ද පහත දැක්වෙන අන්දමට වචන සමීකරණයකින් දැක්වීමට පුළුවන.
මැග්නීසියම් + ඔක්සිජන් ---- මැග්නීසියම් ඔක්සයිඩ්
මෙහිදී මැග්නීසියම් සහ ඔක්සිජන් රසායනික ප්‍රතික්‍රියාවට සහභාගි වූ ද්‍රව්‍ය දෙක වේ. එසේ රසායනික ක්‍රියාවට සහභාගි වන ද්‍රව්‍ය ප්‍රතික්‍රියකයන් ලෙස හඳුන්වනු ලැබේ. එහිදී සැදුන ඵලය වන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්ය. මේ අනුව රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමට ප්‍රතික්‍රියකයන් තිබිය යුතු අතර ප්‍රතික්‍රියාවෙන් පසු කිසියම් ඵලයක් හෝ ඵල සෑදේ.
මෙබඳු තවත් ප්‍රතික්‍රියාවක් වචන සමීකරණයකින් ලියා බලමු. තුවාල වල විෂ බීජ විනාශ කර එය පිරිසිදු කිරීමට යොදා ගන්නා හයිඩ්රජන් පොරොක්සයිඩ්වල සිදුවන ප්‍රතික්‍රියාව විමසා බලමු. එම ද්‍රව්‍යය තුවාලය මත දී වේගයෙන් ප්‍රතික්‍රියා කර ජලයටත්, ඔක්සිජන්වලටත් වෙන් වේ. එම ඔක්සිජන් මගින් තුවාලයේ විෂබීජ විනාශ කරනු ලැබේ. අදාළ ක්‍රියාව මෙසේ දැක්විය හැකිය.
හයිඩිරජන් පොරොක්සයිඩ් ---- ජලය + ඔක්සිජන්
ඉහත අන්දමට වචන සමීකරණයකින් රසායනික ප්‍රතික්‍රියාවක් නිරූපණය කළ හැකි වුව ද එයින් අපට ලබා ගත හැකි තොරතුරු ප්‍රමාණය අල්ප වේ. ඒ වෙනුවට අප ස්කන්ධ සංස්ථිතික නියමයට අනුව සමබර කරන ලද රසායනික සමීකරණයකින් ප්‍රතික්‍රියාව දක්වන්නේ නම් වඩා වැඩ් වැදගත් තොරතුරු ප්‍රමාණයක් අපට ඉන් දැන ගත හැකි වේ.
මෙහි දී ස්කන්ධ සංස්ථිතික නියමය යනු කුමක්දැයි ඔබට සිතෙනු ඇත. එය රසායනික විද්‍යාවේ එන මූලික නියමයකි. මින් ප්‍රකාශ වන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වන විට ප්‍රතික්‍රියක වල (ප්‍රතික්‍රියාව සඳහා යොදා ගත් ද්‍රව්‍ය) ස්කන්ධයත් ඵලවල (ප්‍රතික්‍රියාවේ දී සෑදෙන ද්‍රව්‍ය) ස්කන්ධයත් සමාන බවය. එබැවින් රසායනික ප්‍රතික්‍රියාවක් සමීකරණයකින් දක්වන විට ප්‍රතික්‍රියකවක ස්කන්ධයත් ඵලවල ස්කන්ධයත් සමාන විය යුතුය.
ඉහත 6.3 ක්‍රියාකාරකම කළ විට පරික්ෂා නළය තුළ අඩංගු ගිනිකූරු දහනය වන ආකාරයත් ඉන්පසු දහනය අවසානයේ දී කෝදුවේ පිහිටීම මුලින් පැවති තත්ත්වයට පත්වන අන්දමත් ඔබට දැක ගැනීමට හැකිවනු ඇත.
මේ අනුව රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේ දී යොදාගත් ප්‍රතික්‍රියකයන්ගේ ද සෑදෙන ඵලවල ද ස්කන්ධය සමාන බව පැහැදිලි වේ. එසේ නොවිනි නම් මීටර කෝදුව අසමබර වීම සිදු වේ. මෙහි දී පරික්ෂා නළවලට බැලූන් සවිකරන්නේ ප්‍රතික්‍රියාවේ දී වායුමය ද්‍රව්‍ය පිට නොවී අවහිරයකින් තොරව පද්ධතිය තුළ තබා ගැනීමට ය. මේ අනුව කිසියම් රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේ දී ස්කන්ධය අඩු වීමක් හෝ වැඩි වීමක් සිදු නොවේ. මෙම හේතුව නිසා රසායනික ප්‍රතික්‍රියාවක් ලියන විට ප්‍රතික්‍රියක වල අඩංගු මූලද්‍රව්‍ය පරමාණු සංඛ්‍යාවම ඵලවල ද අඩංගු විය යුතුය. උදාහරණයක් ලෙස ජලය සෑදීමේ දී සිදු වන ප්‍රතික්‍රියාව විමසා බලමු. එම ප්‍රතික්‍රියාව වචන සමීකරණයකින් පහත දැක්වෙන අන්දමට ලිවිය හැකිය.
හයිඩ්රජන් + ඔක්සිජන් --- ජලය
හයිඩ්රජන් සහ ඔක්සිජන් ස්වාභාවිකව පවතින්නේ ද්විපරමාණුක අණු වශයෙනි. (H2 හා O2 ලෙස)ඒ අනුව ඉහත ක්‍රියාවට රසායනික සංකේත ආදේශ කළ විට පහත දැක්වෙන අන්දමට එම ක්‍රියාව ලිවිය හැකිය. H2 + O2 --- H2O
එනමුත් ප්‍රතික්‍රියකයන්ගේ මූලද්‍රව්‍ය පරමාණු ප්‍රමාණයත් ඵලවල පරමාණු ප්‍රමාණයත් සමාන නොවේ. ප්‍රතික්‍රියක පැත්තේ ඔක්සිජන් පරමාණු දෙකක් ඇති අතර ඵල පැත්තේ ඇත්තේ එක් ඔක්සිජන් පරමාණුවක් පමණකි. මෙය සමබර වන සේ ලිවීමට නම් පහත දැක්වෙන ආකාරයට එය ලිවිය යුතුය.
2H2 + O2 ---- 2H2O
මෙම සමීකරණයේ දෙපස ඇති හයිඩ්රජන් පරමාණු සංඛ්‍යාව ද ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව ද ගැන බලන්න. එම සංඛ්‍යා සමානව හා සමබරව ඇති බව පෙනෙනු ඇත. එසේම මෙම සමීකරණය අනුව හයිඩ්රජන් අණු දෙකක් ඔක්සිජන් අණුවක් සමඟ ප්‍රතික්‍රියාකර ජල අණු දෙකක් සෑදෙන බව පැහැදිලි වේ.
6.4 තුළිත රසායනික සමීකරණයක් ලිවීමේ දී සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු පිළිබඳව විමසා බලමු.
තුළිත සමීකරණයක් ලිවීමේ දී පහත සඳහන් කරුණු පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.
01. ඔබට අවශ්‍ය නම් මේ සඳහා පළමුව වචන සමීකරණයක් ලිවීම කළ හැකිය. මෙහිදී ප්‍රතික්‍රියක සහ ඵල නිවැරදිව ලිවීම කළ යුතුය.
උදාහරණ : මැග්නීසියම් + ඔක්සිජන් --- මැග්නීසියම් ඔක්සයිඩ්
02. ඉන්පසු සංයුජතාවට අනුකූලව අදාල රසායනික ද්‍රව්‍යවල නිවැරදි සූත්‍ර ලියන්න.
උදාහරණ : Mg + O2 ----- Mgo
03. ඉහත සමීකරණය ස්කන්ධ සංස්ථිතික නියමයට අනුකූලව නොමැත. සමීකරණයේ වම් පැත්තේ ඇත්තේ ඔක්සිජන් පරමාණු එකකි. එබැවින් ස්කන්ධ සංස්ථිතික නියමයට අනුව එය සමබර වී නොමැත. මෙය සමබර කිරීම සඳහා සූත්‍රවලට ඉදිරියෙන් කිසියම් සංඛ්‍යාවක් යොදා සැකසීම කළ යුතුය. මෙසේ සූත්‍රවලට ඉදිරියෙන් ලියන සංඛ්‍යාව සම්මුඛය ලෙස හඳුන්වනු ලැබේ. එසේ නිවැරදිව ලියූ විට සමීකරණය පහත දැක්වෙන ආකාර වේ.
2Mg + O2 ---- 2MgO
සමීකරණයේ වම් පැත්තේ මැග්නීසියම් පරමාණු ගණන දෙකකි. ඔක්සිජන් ද එසේය. මෙලෙස තවත් සමීකරණ දෙකක් සමබර කර බලමු.
හයිඩ්රජන් පෙරොක්සයිඩ් රත් කළ විට එය ජලයටත් ඔක්සිජන් වලටත් වියෝජනය වේ. මෙයට අදාළ සමීකරණය ගොඩ නගමු.
අදාළ වචන සමීකරණය
01. හයිඩ්රජන් පෙරොක්සයිඩ් ---- ජලය + ඔක්සිජන්
අදාළ සූත්‍ර සමීකරණය
02. H2O2 ---- H2O + O2
03. සූත්‍ර සමීකරණය සමබර කළ විට
2H2O2 ---- 2H2O + O2
මෙලෙසට සින්ක් සමඟ තනුක හයිඩිරෝක්ලෝරින් අම්ලය ප්‍රතික්‍රියාකර හයිඩ්රජන් සෑදීමේ ප්‍රතික්‍රියාව සමබර කර ලියා බලමු.
සින්ක් + හයිඩ්රොක්ලෝරින් --- සින්ක් + හයිඩ්රජන් අම්ලය ක්ලෝරයිඩ්
6.5 ප්‍රතික්‍රියා වර්ග විමසමු
ඔබ අවට ඇති පරිසරයේ අති විශාල ප්‍රමාණයක් විවිධ ප්‍රතික්‍රියා සිදු වේ. එසේම ප්‍රතික්‍රියාවක දී පදාර්ථවලට ශක්තිය උරා ගැනීම මඟින් හෝ ඉන් ශක්තිය පිට වීම මගින් නව ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් සෑදෙන බව ඔබ මේ වන විට දන්නවා ඇත.
ශක්තිය උරාගැනීමෙන් හෝ පිටවීම මගින් නව ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් සෑදීමේ ක්‍රියාව පොදුවේ රසායනික ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වනු ලැබේ. ඔබ අවට පරිසරයේ කොතෙක් ප්‍රතික්‍රියා සිදු වුව ද ඒවා මූලික වශයෙන් අයත් වන්නේ ප්‍රතික්‍රියා වර්ග කිහිපයකට ය. විවිධ ආකාරයට ප්‍රතික්‍රියා වර්ගීකරණය කළ හැකි වුව ද මෙහි දක්වා ඇත්තේ මූලිකව බොහෝ අවස්ථාවලදී දැක ගත හැකි ප්‍රතික්‍රියා වර්ග හතරකි. එනම්,
1. සංයෝජන ප්‍රතික්‍රියා
2. වියෝජන ප්‍රතික්‍රියා
3. ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා
4. ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාත්ය.
6.5.1 ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව සම්බන්ධ වීමෙන් තනි ද්‍රව්‍යයක් සෑදීමේ ප්‍රතික්‍රියා සරල සංයෝජන ප්‍රතික්‍රියා ලෙස හඳුන්වනු ලැබේ. මෙම ප්‍රතික්‍රියා
1. මූලද්‍රව්‍ය මූලද්‍රව්‍ය වන අතර
2. මූලද්‍රව්‍ය හා සංයෝග අතර
3. සංයෝග සහ සංයෝග අතර සිදුවිය හැකිය. ඒ සඳහා උදාහරණ කිහිපයක් විමසා බලමු.