ඔබ අවට පරිසරය තුළ විවිධාකර වෙනස් වීම් නිරන්තරයෙන් සිදු වේ.
හිරු එළිය ලැබුණ විට වැලි රත් වීම, ශාක පත්‍ර තුළ ආහාර නිපදවීම, ජලය වාෂ්ප වීම,
යකඩ මලකඩ කෑම, මෙවැනි වෙනස් වීම් අතරින් කිහිපයකි.
මෙම වෙනස් වීම් පිළිබඳ ව තවදුරටත් අවධානය යොදා බලමු.
ඉටිපන්දම් කැබැල්ල රත් කළ විට ඊට තාපය උරා එය ක්‍රමයෙන් ද්‍රව බවට පත්වන අන්දම ඔබට පෙනෙනු ඇත.
එය පසෙකින් තැබූ විට ඉන් තාපය පිට වී එය සෙමින් ඝන ඉටි බවට පත්වනු ඇත.
මෙහි දී ඉටිපන්දමේ ඉටිවල ඝන තත්ත්වය, ද්‍රව බවට පත්වීමත් ඉන්පසු එය සිසිල් වීමේ දී නැවත ද්‍රව ඉටි
ඝන බවට පත්වෛමත් සිදුවේ. මෙම ක්‍රියාවේ දී ඉටිවල ඇති අනන්‍යතාව එලෙසින් ම පැවතින.
ඉන් අලුත් ද්‍රව්‍යයන් නොසෑදින. සිදු වූ වෙනස්වීම් පහත අන්දමින් දැක්විය හැකිය.
ඝන ඉටි
ද්‍රව ඉටි
එනමුත් ඉටිපන්දම දැල් වූ විට ඉන් දීප්තිමත් ආලෝකයක් ද විශාල තාපයක් ද පිට කරමින් ඉටි දහනය වීම සිදු වේ.
ඝන ඉටි
ද්‍රව ඉටි
එනමුත් ඉටිපන්දම දැල් වූ විට ඉන් දීප්තිමත් ආලෝකයක් ද විශාල තාපයක් ද පිට කරමින් ඉටි දහනය වීම සිදු වේ.
මෙහි දී ඉටිපන්දම් දැල්ලෙන් කළු පැහැයට දැලි පිට වන ආකාරයත්, ඉටිපන්දම් දැල්ලේ ඇති විවිධ කලාපත් ඔබට
දැකගත හැකි වනු ඇත.
ඉහතින් දැක් වූ වෙනස් වීම් දෙක ප්‍රධාන ආකාර දෙකකට සිදු වී ඇත.
ඉහතින් දැක් වූ වෙනස් වීම් දෙක ප්‍රධාන ආකාර දෙකකට සිදු වී ඇත.
ඝන ඉටි ද්‍රව වීමත් ද්‍රව ඉටි නැවත ඝන වීමත් තුළ දී ඉටිපන්දමේ භෞතික අවස්ථාව වෙනස් වූවා මිස එය වෙනත් ද්‍රව්‍යකට හෝ ද්‍රව්‍ය කිහිපයකට පත් නොවීය.
මෙම වෙනස් වීම් තාවකාලිකව තාපය නිසා සිදු වූ වෙනස් වීමකි.
මෙසේ පදාර්ථය තුළ සිදු වන තාවකාලිකව තාපය නිසා සිදු වූ වෙනස්වීමකි.
මෙසේ පදාර්ථය තුළ සිදුවන තාවකාලික වෙනස්වීම් භෞතික වෙනස්වීම් ලෙස හඳුන්වනු ලැබේ.
එනමුත් ඉටිපන්දම දහනය වීමේ දී සිදු වූ වෙනස්වීම් නැවත මුල් තත්ත්වයට ගෙන ආ හැකි වෙනස් වීම් නොවේ.
එහි දී විශාල වශයෙන් තාපය සහ ආලෝකය ද දැලි ද පිටවිය.
මීට අමතරව ඔබට නොපෙනුන ද කාබන් ඩයොක්සයිඩ් වැනි වායු එමගින් පිට විය.
ඉටිපන්දමේ දහන ක්‍රියාවේ දී ලැබුන ඵල නැවත එකතු කර කිසියම් ක්‍රමයකට නැවත මුලින් තිබූ ඉටි ලබාගත නොහැකිය.
මෙහි දී සිදු වී ඇති වෙනස් වීම් තාවකාලික වෙනස්වීම් නොව ස්ථීර වශයෙන් වූ වෙනස් වීම් ය.
මෙවැනි වෙනස් වීම් රසායනික වෙනස් වීම් ලෙස හඳුන්වනු ලැබේ.
ඉහතින් දැක්වූ භෞතික වෙනස් වීම් ද රසායනික වෙනස් වීම් ද අතර සැසඳීමක් පහතින් දක්වා තිබේ.
භෞතික වෙනස් වීම් රසායනික වෙනස් වීම්
භෞතික වෙනස් වීම් රසායනික වෙනස් වීම්
* නව ද්‍රව්‍යයක් නොසෑදේ * නව ද්‍රව්‍ය සෑදේ
* සිදු වූ වෙනස්වීම් තාවකාලිකය * සිදු වූ වෙනස් වීම් ස්ථීරය
* සිදු වූ වෙනස්වීම් තාවකාලිකය * සිදු වූ වෙනස් වීම් ස්ථීරය
එය නැවත මුල් තත්ත්වයට ගෙන ඒම කළ හැකිය. එය නැවත පහසුවෙන් මුල් තත්ත්වයට ගෙන ආ නොහැකිය.
බොහෝ විට විශාල වශයෙන් ශක්තිය පිටවීමක් හෝ උරා ගැනීමක් සිදු නොවේ. බොහෝ විට විශාල වශයෙන් ශක්තිය පිටවීමක් හෝ උරා ගැනීමක් සිදු වේ.
ඔබ විමසිලිමත්ව නිරීක්ෂණය කළහොත් ඉහත අන්දමේ භෞතික වෙනස්වීම් සහ රසායනික වෙනස් වීම් කොතෙකුත් අප අවට පරිසරය තුළ සිදු වන බව ඔබට පැහැදිලි වනු ඇත.

![](/sayura/images/logo2.png)