ගිරා මලිති හොද මල් පෙති වට වියති
සුරා ගජ තුරඟ නොරදාගෙන වියති
නුරා සිව් කොනේ සිව්වර දෙවි වෙසෙති
විරාජිත මෙසමයන් පැදුර නල්ලති
පැදුර ඉසානේ ඉසිවර දෙවි වෙසෙති
පැදුර පායනේ මිහිකත් දෙවි වෙසෙති
පැදුර සිව් කොනේ සිව්වර දෙව් වෙසෙති
මේ පැදුරේ සමයන් දෙන්ට බය නැති
සව් සත රකින මුළු ලොව දෙවිදුගෙ සරනේ
කිව් බස වරද නොමගෙණ දුරැර හරිමිනේ
මට දැක ගන්ඩ ආවෙමි මෙදුර රටකිනේ
සව් සිරි සැපත වේවා සැමට දින දිනේ
ගුණ යුත් වඩන මගෙ බස අසනුය නැන්දේ
එක සිත් වෙලා හිමිහට මම කල් බැන්දේ
දැන ගත් දා පටන් මව් ලග සැප වින්දේ
එහෙමත් සැප ලැබේද මේ දීගෙන් නැන්දේ
ඔහොම කී නමුත් ලේලිය අහපන්න
බොහෝ ලේලියන් ඇත පැවතී දෙන්න
බහකට වෙන නොගොස් සිටියොත් සැපතින්න
වානේ යකඩ නැතුවා ලෙස වෙයි ඔන්න
මන්දැ ඔහොම බස් පැවසුමට නොකමැති
වින්දා රජ සැපත් අතරක බේද වෙති
කැන්දා මාව එනදා විඳපු සැප නිති
නැන්දා ලේලි කොතනත් පැවතුනේ නැති